සිර දඩුවම් නියම වී ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට නොපැමිණි කාලයට මාස තුනක නිවාඩුවක් ලබාදෙන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.
ඒ සඳහා නිවාඩු යෝජනාව සම්මත කර ගැනීමට අවස්ථාව දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීවරයෙක් මාස තුනක් පාර්ලිමේන්තුවට නොපැමිණිය හොත් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි වීමට ඉඩ ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දන්වා ඇති බවද සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
ඔහුගේ රීට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අපෑලක් ඉදිරිපත් කිරීමට සූදානම් බවත් විපක්ෂනායකවරයා පැවැසීය.
මේ පිළිබඳව නීති උපදෙස් පතා කටයුතු කරන බව කථානායකවරයා පැවැසීය.