රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ පසුගිය පෙබරවාරි 13 දින ගුවන් හමුදා විශ්‍රාමිකයන් කිහිප දෙනෙක් සමග සජීවී සංවාදයක් පවත්වමින් රාජ්‍ය ආරක්ෂාවට හානිකර ප්‍රකාශ කරමින් ත්‍රිවිධ හමුදාව විවේචනය කරමින් හමුදා සේවය පොදු මහජනයාට සහ හමුදා සේවයට එන්නට බලාපොරොත්තුවන අයට එපා කරවමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නීතිමය පියවර ගන්නැයි අද (27) දින ජී.පී. නිස්සංක යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණිල්ලක් කර ඇත.
සිවිල් පුරවැසියෙක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට හිමිව ඇති අයිතිය අනුව තමන් මෙම පැමිණිල්ල කළ බව නිස්සංක මහතා පැවසිය.
ඔහු දැනට බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින්නෙකි.
ඔහු සිය ප්රකාශනයේ සඳහන් කර තිබුණේ මෙසේය.
“රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පසුගිය 13දා උදේ සජීවී සම්මුඛ සාකච්ජාවක් පැවැත්වුවා. විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුත් ඊට එක්ව සිටියා. එහිදී ඔහු ත්‍රිවිධ හමුදාවේ ක්‍රියාකාරකම් විවේචනයට ලක්කළා. හමුදාවේ ඉහළ සාමාජිකයන් පහළ නිලධාරින්ට කරන බලපෑම් සහ ක්‍රියාවන් ගැන සඳහන් කළා.
එවැනි දේවල් කීමෙන් ත්‍රිවිධ හමුදාව ගැන පුරවැසියන්ට අප්‍රසාදයක් ඇති කිරිමට රාජ්‍ය ඇමතිවරයා උත්සාහ කළා. හමුදාවට එන්න ඉන්න කෙනෙක් මේ කියන දේවල් ඇහුවම පසුගාමී වෙන්න පුළුවන්. ඒක රටේ අනාගත පැවැත්මට විශාල පහරක් වෙන්න පුළුවන්.
ඒ වගේම ඔහු ආරක්ෂක ලේකම්වරයා ඒ වැඩසටහනේ දි විවේචනය කරලා ආරක්ෂක ලේකම්වරයාට තර්ජනයත් කළා. ත්‍රිවිධ හමුදාවේ විනය පිරිහිලා කියලා හමුදාව රාජපාක්ෂිකභාවයෙන් මුදවා ගැනීමට බලපෑම් කළා. රටක හමුදාවට සිවිල් පුරවැසියන් වගේ ක්‍රියා කරන්න බෑ. ඒ අය රජයට පක්ෂව ක්‍රියා කළ යුතුයි. විනාඩි 43ක් විකාශනය වුණ මේ වැඩසටහන තුළින් ඔහු ත්‍රිවිධ හමුදාවේ මොරාල් එක නැතිවන ආකාරයට කතා කළා. ගුවන් හමුදාව දැඩි ලෙස විචේනය කළා.
පුරවැසියෙක් විදියට මේක රටට කළ මහා අපරාධයක් විදියට මම දකිනවා. ඒ විතරක් නෙවෙයි රටේ ආරක්ෂාවට විශාල තර්ජනයක්. ආරක්ෂක හමුදාවට මහජනයා ඉදිරියේ මුහුණ දෙන්න බැරි විදියට විචේනය කළා.
ඉන්පසු එම සජීවී වැඩසටහන සංස්කරණය කර එදින සවස සිට රන්ජන් රාමනායක මහතාගේ ෆේස්බුක් ගිණුමේ ප්‍රසිද්ධ කර ඇති බව ද පැමිණිලිකාර නිස්සංක මහතා පැවසිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිවිල් පුරවැසියාට ලබා දී ඇති බලතල අනුවයි මම ඒ පැමිණිල්ල දැම්මේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පැමිණිල්ල තාවකාලික පැමිණිල්ලක් ලෙස භාරගත්තා. මට ඒ බවට රිසිට්පතකුත් ලබා දුන්නා. සාක්කි ඉදිරිපත් කිරීමට සහ විධිමත්ව පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ඉදිරියේ දී මට දැනුම් දෙන බව ද පැවසුවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.