අධිකරණයට අපහාස කළැයි තමන්ට නියම කළ බරපතල වැඩ සහිත සිව් වසරක සිර දඬුවම යළි සලකා බලන්නැයි ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඉදිරිපත්කළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
මෙවැනි මෝෂන් පත්‍ර බාර නොගැනීමට පුර්වාදර්ශ ඇතැයි සඳහන් කරමින් කළ මෝසම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට ඇත.
අධිකරණයට අපහාස කොට ඇති බවට රංජන් රාමනායක මහතා එරෙහි නඩුව විභාග කොට තීන්දුව ලබාදුන් සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේම රන්ජන් රාමනායක මහතාට නියම කළ බරපතල වැඩ සහිත සිව් වසරක සිර දඬුවම යළි සලකා බලන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කළ මෝෂමද යළි සලකා බැලිණි.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ යම් පුද්ගලයෙකුට නියම වන දඬුවමකට එරෙහිව අභියාචනයක් කිරීමට ඔහුට නීතිමය හිමිකමක් ඇතැයි රන්ජන් රාමනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් මෝෂන් පත්‍රය මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි.
ඒ අනුව අදාළ නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් කිරීමට අවසර දෙන්නැයිද එම අභියාචනය පංච පුද්ගල හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුත් පුර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයිද රන්ජන් රාමනායක මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ගොනු කළ මෙම මෝෂන් පත්‍රයෙන් ඉල්ලා තිබිණි.