‘කොකේන්‘ මත්ද්‍රව්‍ය සම්බන්ධ කර ගනිමින් ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට හා දේශපාලනඥයන්ට එරෙහිව රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශවල වගකීම ඔහු විසින් භාරගත යුතු බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.
එවැනි ප්‍රකාශ සිදුකිරීම සුදුසු නොවන බවත්, මෙවැනි චෝදනා තිබෙනවා නම් සිදුකිරීමට තිබුණේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පැමිණිලි කිරීම බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
තමන්ට අවශ්‍ය ජනප්‍රියතාව ලබා ගැනීමට මෙවැනි දේවල් සිදුනොකර වෙනත් දේවල් කිරීමට හැකියාව තිබෙන බවද අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේය.
මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් පක්ෂ විසින් පරීක්ෂණයක් සිදුකරන බවද ඔහු කියා සිටියේය.