‘කොකේන්‘ භාවිත කරන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සිදුකළ හෙළිදරව්වට අදා පුද්ගලයන් නැවත වටයකින් ඔහුට විරුද්ධව කටයතු කිරීමට ඉඩ තිබෙන බව ‘රාවණා‘ බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පැවසූහ.
ඉදිරියේදී ප්‍රධාන මැතිවරණ පැවැත්වීමට නියමිත බැවින් තමන්ගේ පක්ෂයේ ‘කොකේන්‘ ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් සිටින බව පැවසීමට කිසිදු නායකයෙකු සූදානම් නොමැති බවද සද්ධාතිස්ස හිමියෝ පවසා සිටියහ.
අවසානයේදී මෙය ‘රන්ජන් කොකේන් භාවිත කර සිටියදී කළ ප්‍රකාශයක්‘ ලෙස පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පැවසීමට ඉඩ තිබෙන බවද උන්වහන්සේ සඳහන් කළහ.
යම් වරදක් පෙන්වා දෙන පුද්ගලයන්ට ආපසු පහරදීමේ සම්ප්රදායක් ශ්‍රී ලංකාව තුළ බිහිවී තිබෙන බවත්, රන්ජන් රාමනායක මහතා සිදුකළ හෙළිදරව්ව විහිළුවකට නොගෙන රහස් පොලීසිය යොදවා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් එහිමියෝ පවසා සිටියහ.
නුගේගොඩ සමාධි විහාරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ මෙම අදහස් පළ කළහ.