නිවාස දෙකක රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු අද ( 05) දා පොල්ගහවෙල නගරයේදී අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලීසිය පවසයි.
මෙම සැකකරු විසින් පසුගිය පෙබරවාරි මස පනලිය ප්රදේශයේ හා පොල්ගහවෙල නගරයේ නිවාස දෙකකට ඇතුළුවී රන් භාණ්ඩ සොරා ගෙන ඇති අතර එම රන් භාණ්ඩ වල වටිනාකම දෙලක්ෂ හැටහත් දාහක් පමණ වන බව පොලිසිය පවසයි .
සොරාගන්නා ලද රන් භාණ්ඩ සොයා මේ වන විට විමර්ශන ආරම්භ කොට ඇති අතර පොලීසිය කළ වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ එම සැකකරු පෙර කළ අපරාධයක් සම්බන්ධයෙන් සේවයෙන් පහකළ පොලිස් නිලධාරියෙක් බවත් ඔහු කෑගල්ල හැලමඩ ප්රදේශයේ පදිංචි වයස අවුරුදු (34) ක පමණ පුද්ගලයෙකු බවයි .
අත්අඩංගුවට ගත් සැකකරු පොල්ගහවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සොරකම සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
අලව්ව - අධිකාරි මුදියන්සේ