තොඩුවාව පොලිස්ථානයෙ රථවාහන රාජකාරි වල නිරතව සිටි පොලිස් නිළධාරින් දෙදෙනෙකුට පහර දිමේ චෝදනාව මත තොඩුවාව බරුදැල්පොල පදිංචි කාන්තාවක් ඇතුළු 15 දෙනෙකු තොඩුවාව පොලිසිය මගින් අද සවස අත්අඩංගුවට ගත් බව කියයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ තොඩුවාව පොලිසියෙ පොලිස් සැරයන් 24403 ඈපා, හා තවත් පොලිස් සැරයන් වරයෙකී.
පහර කෑමට ලක්වු අදාල පොලිස් නිළධාරින් දෙදෙනා තොඩුවාව බරුදැල්පොල ප්‍රදේශයෙ 23 රාත්‍රියේ රථවාහන රාජකාරි වල නිරතව සිට ඇති අතර එහිදි ගමන් කරමින් තිබු යතුරු පැදියකට නවතන ලෙසට කල අණ කර තිබුනද එය නොතකමින් ගමන් කරමින් ඇති බව කියයි.
පසුව එසේ ගමන් කල යතුරු පැදිය වේගය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගය අයිනේ තිබු විදුලි කනුවක ගැටි අනතුරට ලක්වි යතුරු පැදියෙ ගමන් කරමින් සිටි දෙදෙනාම තුවාල ලබා ඇති බව කියයි.
එම සිද්දිය මුල්කරගනිමින් කුපිත වු බරුදැල්පොල පදිංචි කරුවන් පිරිසක් රථවාහන රාජකාරි වල නිරතව සිටි පොලිස් නිළධාරින් දෙදෙනා වෙත කඩා වැදි පොදු මුගුරු වලින් පහර දී ඇති බව තොඩුවාව පොලිසිය කියයි.
එසේ පහර කෑමට ලක්වු පොලිස් සැරයන් වරුන් දෙදෙනාම ප්‍රතිකර සදහා මාරවිල රෝහලට ඇතුලත් කර ඇති අතර යතුරු පැදිය විදුලි කනුවේ ගැටි තුවාල සිදුවු යතුරු පැදි කරුවන්ද එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටින බව කියයි.
පසුව මෙම රථවාහන පොලිස් නිළධාරින්ට පහර දිමට සම්බන්ධ සැකකරුවන් සොයා තොඩුවාව පොලිසිය හා තවත් පොලිස් කණ්ඩායම් කිපයක් 24 දින දහවල් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර එහිදි අදාල පොලිස් නිළධාරින්ට පහර දීම සම්බන්ධයෙන් චෝදනා ඒලල වු බරුදැල්පොල පදිංචි කාන්තාවක් ඇතුළු පිරිමි පුද්ලයින් 14ක් අත් අඩංගුවට ගැනිමට කටයුතු කර තිබුනී.
අත් අඩංගුවට ගත් සැකකරුවන් මාරවිල අධිකරණයට 24 දින සවස ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී.
සිද්දිය සම්බන්ධව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ උපදෙස් මත හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙය විමේන් තොඩුවාව පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ