රථවාහන තදබදයට විසඳුම් සොයයි
කොළඹ වාණිජ අගනුවර සහ දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගරවල පවත්නා රථවාහන තදබදය අවම කිරීමට කටයුතු කරන ලෙස ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
ආරක්ෂක අමාත්‍යංශය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධානත්වයෙන් පොලිස් රථවාහන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී ලේකම්වරයා මෙම උපදෙස් දුන්නේය.
එසේම අනෙකුත් රථවාහන හැසිරවීම සම්බන්ධ ගැටළු සඳහාද විසඳුම් ලබාදීම කෙරෙහි මෙහිදී අවාධානය යොමුව තිබේ.
මහා මාර්ග භාවිතා කරන පොදු මහජනයා වෙත සහන සැලසීම සඳහා මෙම ගැටලුවලට කඩිනම් හා කල් පවත්නා විසඳුම් සෙවීමට ආරක්ෂක ලේකම්වරයා විසින් පොලිසියට අවශ්‍ය උපදෙස් ලබාදුන් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
popular news
-
upul Monday, 25 November 2019 10:14 AM
ත්‍රී වීල් රථ ගණන හරියාකාරව පාලනය කර එම රියදුරන්ට කාර්මික දැනුමක් ලබාදී වෙන ක්ෂේත්‍ර වල රැකියා අවස්ථා ඇති කලොත් තද බදය වලක්වා ගන්ඩ පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

