මෙරට සිදුවන රිය අනතුරුවලට මුලික හේතුවක් ලෙස වාහනවල පවතින දෝෂ සහිත තත්ත්වයන් හඳුනාගෙන තිබිම හේතුවෙන් අඛණ්ඩව අද සිට දින තුනක කාලයක් වාහනවල ගෙවී ගිය ටයර පරීක්ෂා කිරීමට මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.
ඒ අනුව ගෙවි ගිය ටයර සහිත රථවාහන සොයා අද සිට දිවයින පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් මුලස්ථානය විසින් නියෝගයක් ලබා දි ඇත.
ගෙවි ගිය ටයර සහිත රථවාහන වරදක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වන පුද්ගලයෙකුට රු.3500ක දඩයක් නියම කිරිමෙ හැකියාව පවතින අතර ඒවැනි වාහනයකින් යම් පුද්ගලයෙකුට තුවාල සිදුවුනහොත් සාමාන්‍ය තුවාල සිදු කිරිමේ දඩුවමට අමතරව රු.25,000ක දඩයක් නියම කිරිමේ හැකියාව පවතින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.