මෙරට විවිධ අපරාධවලට සම්බන්ධ වී විදෙස්ගත සැඟව සිටින රතු නිවේදන නිකුත් කර ඇති අපරාධකරුවන් 89 ක් සිටින බවත් එම අපරාධකරුවන් ලංකාවට ගෙන්වා ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
"මේ රටේ අපරාධ සිදුකරලා විවිධ රටවලට ගිහිල්ලා අධිකරණය මඟ හැරලා සැඟවී සිට අපරාධ මෙහෙයවන කිසිවෙක් සඳහා අපි ඉඩ ප්‍රස්තාව සලසා දෙන්න නැති බව යළිත් අපි අවධාරණය කරනවා. 2024,2025 සහ 2026 මේ වසර තුනේදීම රතු නිවේදන හරහා මෙරටට ගෙන්වා ගත්ත සැකකරුවන් 32ක් ඒ වගේම විවිධ රටවල් සමඟ සම්බන්ධවෙලා මේ වන විට විවිධ අපරාධ සිදුකරන තවත් සැකකරුවන් 70 දෙනෙක් අපි ලංකාවට ගෙන්නවා ගෙන තියෙනවා මේ වනවිට.
ඒ වගේම අපි මතක් කරන්න ඕනේ තවත් රතු නිවේදන 89ක් සඳහා අපි ඉතාමත්ව පැහැදිලිව සූදානමින් සිටිනවා. විවිධ රාජ්‍යන් අතර සම්බන්ධවෙලා ඉතිරි රතු නිවේනද නිකුත් කරන සැකකරුවන් 89 දෙනා අපි ලංකාවට ගෙන්නවා ගන්නවා."