දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතින සහ සැලසුම් කර ඇති නගර සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් සංවර්ධනය කර එහි ප්රතිලාභ කඩිනමින් ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
ඒ අනුව දැනට සංවර්ධන කටයුතු අරඹා තිබෙන රත්නපුර සහ ඇහැලියගොඩ නගර දෙකෙහි සංවර්ධන කටයුතු කඩිනමින් නිම කිරීමට මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටී.
රත්නපුර සහ ඇහැලියගොඩ නගර සංවර්ධන ව්‍යාපෘතීන්හි ප්‍රගතිය විමසා බැලෙන සාකච්ඡාවක් අද (17) වන දින නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
නගරයේ දැනට පවතින ඉඩකඩ ඇහිරීම නිසා වන සියලු අවහිරතා ඉවත් කිරීම රත්නපුර සහ ඇහැලියගොඩ නගර සංවර්ධන ව්‍යාපෘති යටතේ සිදු කිරීමට නියමිතයි. එසේම නගරය තුළ ක්‍රියාත්මක කෙරෙන ප්‍රධාන සහ උප වෙළඳ කටයුතුවල ඉදිරි දියුණුවක් ඇතිවන අයුරින් සංවර්ධන කටයුතු සිදු කිරීමට අපේක්ෂිතයි.
එම සැලසුමට අනුව නගරය තුළ ඇති අක්‍රමවත් මාර්ග, පදික මංමාවත්, අපිළිවෙලට පිහිටා ඇති ප්‍රධාන පොදු සේවා සපයන ස්ථාන වඩාත් සුදුසු ස්ථානවලට ගෙනයාම, එම ස්ථානවල පැවති තත්ත්වයට වඩා උසස් සේවාවක් ලබා දීම සිදු කිරීමට ද නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සැලසුම් කර තිබේ.
මේ යටතේ නගර මධ්‍යයට සම්බන්ධ වන මාර්ග සියල්ල ද පුළුල් කිරීම සිදු කෙරෙන අතර මෙතෙක් නඩත්තු නොකර සිටීම මත අබලන් තත්ත්වයට පත්ව ඇති එම මාර්ග සහ මංසන්ධි නියමිත පරිදි ක්‍රමවත්ව සකස් කිරීමට ද නියමිතය.
මෙම සියලු සියළු සංවර්ධන කටයුතු නගරයේ මෙතෙක් පැවති රටාව නොබිඳමින් සහ නගරයට පැමිණෙන ජනතාවට කිසිදු ආකාරයකට අපහසුතාවයකට ලක් නොවන ආකාරයකට ද සිදු කිරීම මෙම සංවර්ධනවල ව්‍යාපෘතිවල මූලික අරමුණ වී තිබේ.
මේ යටතේම නගරය තුළ දැනට ව්‍යාප්ත වී තිබෙන ආර්ථික හා වෙළෙඳ කටයුතුවලට අදාළ ප්‍රදේශ එම කටයුතුවලට අදාළ පැහැයෙන් වර්ණ ගැන්වීමටත්, එම ප්‍රදේශ එම පාට මල් පැලවලින් අලංකාර කිරීමත් සිදු කිරීමට ද කටයුතු යොදා ඇත.
