රත්නපුර පොලිස්ථානයෙන් පසුගිය 30 දින උදැසන පලාගිය වරෙන්තුකරු රත්නපුර ගොඩිගමුව ප්‍රදේශයේ සැගව සිටියදි පසුගිය 11දා සවස අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසිය.
රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නීති විරෝධී මත්පැන් ළග තබාගැනිම සම්බන්ධයෙන් වු නඩු දෙකකට පෙනි නොසිටිම නිසා ඔහුට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණි. පසුගිය 29දා මෙම සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් අල්ලාගෙන රත්නපුර පොලිසියට බාරදුන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙක් ලෙස සදහන් කරමිනි. සැකකරු කොළඹ ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකල්ලි වල මනුෂ්‍ය ඝාතකයන්, අපරාධ සදහා රැගෙන ගිය යතුරුපැදිවල පැදිකරු බවට සැකකරන බවද සදහන් කර තිබුණි.
රත්නපුර පොලීසියේ වැඩබලන මුලස්ථාන පොලිස් පරික්ෂක රාජකරුණා මහතාගේ උපදෙස්මත විශේෂ කාර්යංශයේ නිලධාරින් විසින් කළ මෙහෙයුමකදි පැනගිය පසු සැකකරු නැවත අත්අඩංගුවට ගෙන තිබුණි. ඩුලි 30 දින පොලිසියෙන් පලාගිය පසු සැකකරු රත්නපුර නගරයට ආසන්න මීහිටිය සහ අංගම්මන ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරු අනුව ඔහු සොයා අංගම්මන ප්‍රදේශයට පොලිසිය ගිය අවස්ථාවේ කලුගින් පැන ගොඩගමුව ප්‍රදේශයට පලාගොස් සිටියදි මෙලෙස අත්අඩංගුවට ගැනුනි.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ රත්නපුර, අංගම්මන, පදිංචිකරුවෙකු වු එස්. සුරංග උපසංක පිටදෙනිය යන අයයි. ඔහු නම් දෙකකින් පෙනි සිටි අයෙක් බවද පොලිසිය කියයි. බෙරලපනාතර, පනවිට, වල්පිට ලිපිනයේ ටී.එච්. සුදත් ප්‍රේමකුමාර යන නමින් ද ඔහු පෙනී සිට ඇති බව ද පොලිසිය කියයි. එකී නම් දෙකටම ඔහුට ජාතික හැදුනුම්පත් දෙකක් ඇති බව ද පොලිසිය පැවසුවේය.
ඉන් එකක වයස අවුරුදු තිස් පහකි. අනෙක් හැදුනුම්පතේ හැටියට ඔහගේ වයස අවුරුදු තිස් අටකි. සැකකරුවෙකු පොලිස් රැදවුම්භාරයෙන් පලායාම හේතුවෙන් රත්නපුර පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුලු නිලධාරින් තිදෙනෙකුගේ 30දා වැඩතහනම් කර ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.