රාත්‍රී 2ක් ICU ප්‍රතිකාර ලබා අවසන් පූර්ව තරගයට ක්‍රිඩා කළ රිස්වාන්
පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ඊයේ (11දා) පැවැති අවසන් පූර්ව තරගයෙන් ඔස්ට්‍රේලියාව ජයගත්තත් බොහෝ දෙනෙකුගේ අවධානය මේ වන විට පාකිස්තානය වෙත යොමුව තිබේ. පාකිස්තාන කණ්ඩායම මෙම තරගාවලියේදී ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ අතර ඔවුන්ගේ ජයග්‍රහණ පසුපස සිටි එක් ක්‍රීඩකයෙක් වූයේ මොහොමඩ් රිස්වාන්ය.
රිස්වාන් ඔස්ට්‍රේලියාව සමග පැවැති අවසන් පුර්ව තරගයට ක්‍රිඩා කිරිමට පෙර ඔහුට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට තිබේ.
තරගයට සූදානම්දැයි පාකිස්තාන නායක බාබර් අසාම් විමසූ විට රිස්වාන් පවසා ඇත්තේ තමන් තරගයට ක්‍රිඩා කරන බවයි.දින දෙකකින් පසුව නැවතත් පිටියට පිවිසි රිස්වාන් ලකුනු 67ක් රැස්කිරීමටද සමත්විය.
මෙවර විස්සයි20 ලොක කුසලාන තරගාවලියේ තරග 6කට ක්‍රීඩා කළ රිස්වාන් ලකුනු 281ක් රැස්කර ඇති අතර ඔහු දෙවැනි වන්නේ පාකිස්තාන නායක බාබර් අසාම්ට පමණි. ඒසේම මේ වසරේ විස්සයි20 පිටියේදී වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවා වන්නේද රිස්වාන්ය ඔහු ලකුණු 1033ක් රැස්කර තිබේ.



-
riswan Monday, 15 November 2021 03:23 AM
Apita adareta newei Eyata lebena kuttiya gene hithala.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
