පල්ලම සේරුකැලේ රතඹලාඔය පැරණි පාලමේ යකඩ විවිධ පිරිස් ප්‍රසිද්ධියේ කපා ගෙන යාම සිදු වුවද බළධාරින් නිහඩව සිටින බව ජනතාව පවසති. ඔවුන් පවසන්නේ හලාවත ආණමඩුව මාර්ගය කාපට් කිරීමත් සමග රතඹලා ඔය හරහා ඉදිකර තිබූ පැරණි යකඩ පාලම ප්‍රමාණයෙන් කුඩා වීමත් සමග නව යකඩ පාලමක් ඉදි කිරීම සිදුවු බවයි.
නව පාලම ඉදි කලද පැරණි පාලම ඉවත් කිරීමක් සිදු නොවු බවත් එය භාවිතා විමක් ද සිදු නොවු බව ජනතාව පවසති.
රතඹලා ඔය හරහා ඉදිවු පැරණි පාලම වසර 100 කට වැඩි කාලයක් ගතව ඇතත් එහි යකඩ තමවත් භාවිතයට ගත හැකි මට්ටමේ පවතින බව ප්‍රදේශවාසීහු පවසති.
මේ වන විට පාලමේ ඉතිරි යකඩ දහවල් කාලයේ පැස්සුම් යන්ත්‍ර යොදා ගනිමින් කපා ගෙන යාමට විවිධ පුද්ගලයින් කටයුතු කලද නීතිය ක්රීයාත්මක කල යුතු අංශ නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව ජනතාව පවසයි.පැරණි පාලමේ උඩට දමා තිබු ආරක්ෂීත තහඩු සියල්ලම හොර රහසේ මේ සොරා ගෙන ගොස් ඇති ආකාරය දැක ගත හැකිය.
ගිනි දවාලේ සිදුවන යකඩ කැපිම පිළිබදව ජනතාව අදාල අංශ වලට දන්වා ඇතත් එය පලක් වී නැති බව චෝදනා එල්ල වෙති.
කෙසේ වෙතත් පැරණී පාලම මතට දමා තිබු දැවැන්ත තහඩු සොරා ගැනිමත් සමග එය අනාරක්ෂීත වී ඇති බවද ජනතාව චෝදනා එල්ල කරයි.
ජනතාව පවසන්නේ රතඹලා ඔය පැරණි පාලම තවමත් භාවිතයට ගැනිමට හැකි ලෙස පවතිද්දි සොරුන්ට ප්‍රසිද්ධියේ යකඩ සොරකම් කිරීමකට ඉඩ නොදි බළධාරින් එය ආරක්ෂීතව ඉවත් කර පාලමක් අවශ්‍ය ස්ථානයකට රැගෙන ගොස් සවි කරන්නේ නම් ඉතා අගනා බවය.



