පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය පැතිරයාමේ විශාල අවදානමක් ඇති බව පවසන රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාන් කෝණාර මහතා ඇලපාත, රත්නපුර, කුරුවිට, බළන්ගොඩ සහ ඇඹිලිපිටිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දැඩි අවදානම් බවද පවසයි.
මේ වසරේ ජනවාරි සිට මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 785ක් වාර්තාවු අතර ඉන් 480 දෙනෙකුට ඩෙංගු බව තහවුරු වී ඇති බවද වෛද්‍ය කෝනාර මහතා පැවසුවේය.
මේ දිනවල පවතින ගංවතුර තත්ත්වයන්ද සැලකිල්ලට ගත්විට ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඩෙංගු රෝගය බෝවීමේ දැඩි අවදානමක් පවතින බව ද වෛද්‍ය විශේෂඥ ලක්මාල් කෝනාර මහතා මහතා පැවසුවේය.
ඇලපාත කොට්ඨාසයෙන් ඩෙංගු බව තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 55කි. එහෙත් එම කොට්ඨාසයේ පහත්බිම්වල එක් තැන රැදී ඇති ජලය පිරුණු ස්ථාන මෙන්ම වසමේ නිවෙස්වල සහ අවට ප්‍රදේශවල ජලය පිරී ඩෙංගු මදුරු කීටයන් සහිත, ප්ලාස්ටික්, පොලිතින්, යෝගට් කොප්ප, ටින්, පොල්කටු, ආදිය මදුරු උගුල් වැඩිපුර හමුවූ බවද කීවේය.
ඇඹිලිපිටිය කොට්ඨාසයෙන් ඩෙංගු බව තහවුරුවු රෝගීන් 77ක්, බලන්ගොඩින් 54ක්. කුරුවිටින් 30ක් හා රත්නපුර ප්‍රාදේශීය සභා කොට්ඨාසයෙන් 30ක් ද රත්නපුර මහනගර සභා කොට්ඨාසයෙන් 11ක් ලෙස ඩෙංගු බව තහවුරු වී තිබුණ බවද, වෛද්‍ය කෝණාර මහතා පැවසීය.
රත්නපුර දිස්ත්‍රික්කයට ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාසවල වෙනත් මාසවලට වඩා වියළි කාලගුණ තත්ත්වයක් පවතී. එම මාසවල ඩෙංගු රෝගීන් ඇඹිලිපිටිය සහ බලන්ගොඩ කොට්ඨාස වලින් වැඩිපුර වාර්තා වුවත් පසුගිය මාස දෙක තුල ඇලපාත කොට්ඨාසයෙන් රෝගින් වැඩිපුර වාර්තා වූ බවද වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා සඳහන් කළේය.
අපේ‍්‍රල් මසයේ අන්තර් මෝසම් වැසි ද, මැයි මාසයේ නිරිතදිග මෝසම් වැසිද රත්නපුර දිස්ත්‍රික්කයට බලපෑම් ඇති කරයි.
කොරෝනා වසංගත තත්ත්වයන් නිසා රාජ්‍ය හා පෞද්ගලික ආයතන විවෘත නොකිරිම නිසා වැසි ජලය පිරෙන ස්ථාන වැඩිපුර තිබීම නිසා මදුරු කීටයන් බෝවී ඇති බව ද වෛද්‍ය කෝනාර මහතා පැවසුවේය. එසේම බොහෝ රබර් වතුවල කිරි නොකැපීම නිසා රබර් කිරි එකතු කරන පොල්කටුවල වැසි දිනවල ජලය පිරිම නිසා ඩෙංගු මදුරු කීටයන් ඒවායේද සිටින බව පැවසීය.
මේ වනවිට වසා දමා ඇති පාසල් පරිශ්‍ර බොහෝමයක ඩෙංගු මදුරු උගුල් දක්නට ඇතිබව කී වෛද්‍ය කෝණාර මහතා යළි පාසල් විවෘත කිරීමට පෙර ඒවා අවට පරිසරය සුද්ද පවිත්‍ර කර මදුරුකීටයන් රැදි සිටින ස්ථාන ඉවත් කළ යුතු බව විදුහල්පතිවරුන්ට දැනුම් දෙන බව ද කීවේය.
රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග මර්දන වැඩපිළිවෙල නොඩකවා කරගෙන ඒමේ ප්‍රතිඵලයක් ලෙස මේවනවිට ඩෙංගු රෝගය පැතිරයාමේ දිස්ත්‍රික් අතර දහවන තැනට රත්නපුර දිස්ත්‍රික්කය පැමිණ ඇති බව පැවසූ වෛද්‍ය කෝණාර මහතා ඩෙංගු රෝගය පැතිරයාමට අනුබල දෙන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ද කීවේය.
