‘අපරාධ කරුවෙක් ජාත්‍යන්තර පොලිසියෙන් අත්අඩංගුවට අරන් ලංකාවට ගේනකොට ඒක මහා වීර ක්‍රියාවක් විදිහට සලකන ආණ්ඩුවට කොන්දක් නෑ රණවිරුවට රණවිරුවෙක් කියන්න. යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා නාඋල දී කියා අද (31) කියා සිටියේය.
‘නාමල් ගමෙන් ගමට - ගමේ බලය පොහොට්ටුවට ‘ මැයෙන් සංවිධාන කර තිබු මෙම වැඩසටහන නාඋල පුබිබ්ලිය සුදර්ශනාරාම විහාරස්ථානයේ ඉදිරිපිට දී පැවැත්විනි.
එහි දි වැඩිදුරටත් අදහස් දැක්වු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීය.
"බලයට ආවට පස්සේ මුලින් කියපු කාරණාව නෙමෙයි කියන්නේ. එදා බලයට එනකොට ගොවියට රුපියල් 140 ත් මදි කීවා මේ ආණ්ඩුව. කිව්ව නේද ? අද ළූණු ගලවනකොට මොකක්ද කරන්නේ ළූණු ගේනවා පිටරටින් එකෙන් පහර වදින්නේ ගමේ ගොවියට. අද පාර්ලිමේන්තුවේ ඉන්න ජේ වි පි මන්ත්‍රිවරු එදා කුඹුරට බැහැලා වල් ගලවලා කෑවා.
අද ආණ්ඩුව මේ රටේ ගොවියා සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා. ඒ විතරක් නෙවෙයි පාරිභෝගිකයට සාධාරණ මිලක් ලැබෙනවා නම් හිත හදාගන්න පුලුවන්. මේ ආණ්ඩුව බදු ගහන්නේ දේශිය ව්‍යාපාරිකයට. ආණ්ඩුව එක පැත්තකින් ගොවියා මහපාරට දානගමන් රටේ රණවිරුවා දඩයම් කරන්නත් පටන් අරන්.
අපි දකිනවා අද වෙනකොට නාවික හමුදාපති වරයා අත්අඩංගුවට අරන් තියෙනවා. ඔහුව අත්අඩංගුවට අරන් මොකක්ද කියන්නේ එල් ටී ටී එකේ බුද්ධි අංශයේ ප්‍රධානියෙක් ගෙනල්ලා හදුනාගැණිමේ පෙරරෙට්ටුවට දාලා මෙන්ම නාවික හමුදාපතිවරයා හදුනගන්න කියලා. නාවික හමුදාපති වරයා මොකක්ද කළේ ත්‍රස්ථවාදය නවත්වන්න සටන් කලා.
අද සංවිධානාත්මක අපරාධකරුවෙක් ජාත්‍යන්තර පොලිසිය අත්අඩංගුවට අරන් ලංකාවට ගේනකොට ඒක මහ විර ක්‍රියාවක් විදිහට සලකන ආණ්ඩුව අපරාධකරුවා ගේනකොට අමාත්‍යවරයා එයාර්පෝට් එකට ගිහිල්ලා රාජ්‍ය නායකයෙක් පිළිගන්නවා වගේ පිළිඅරගෙන ගේන්න පුලුවන් ආණ්ඩුවට කොන්දක් නෑ රණවිරුවට රණවිරුවෙක් කියන්න.
අද ත්‍රිවිද හමුදාවෙන් පොලිසියෙන් පලිගන්න තැනට මේ ආණ්ඩුව පත්වෙලා තියෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක සම්බන්ධ වෙච්ච උදවියගේ තාත්තලාව ජාතික ලයිස්තුවෙන් දාගෙන ත්‍රස්ථවාදින්ට කිරි පොවන එක ජේ වි පි එකේ ඉතිහාසයේ කොටසක් හැබැයි තමන්ගේ පක්ෂයේ නොහැකියාව වහගන්න මේ රටේ රණවිරුවා දඩයම් කරන්න ලැස්තිවෙන්න එපැයි කියන එක අපි මේ වෙලාවේ ආණ්ඩුවට පණිවිඩයක් දෙනවා ආදරණිය අම්මේ තාත්තේ.
ත්‍රස්තවාදය අවසන් කරන්න විශාල කැපවීමක් කලා ඒ නිසා තමයි අපි නිදහසේ ජිවත් වෙන්නේ ඒ නිසා තමයි අනුර කුමාර දිසානායක ජනාධිපති වරයට ජනාධිපති මන්දිර ඕනේ නෑ ඒවා හෝටල් කරන්න කියලා කියන්න පුලුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අනුර කුමාර ජනාධිපතිවරයට වාහන පිරිවරාගෙන යන්න ඕනේ නැ මම තනිවාහනයෙන් යන්නම් කියන්නේ. එහෙම යනවාද නැද්ද කියලා මම දන්නේ නැ හැබැයි අඩුගානේ කියනවනේ ජනතාව ‘ යනවා යනවා ‘
අරුණ ඉන්දික
