රණවිරු දඩයමට එරෙහි රණවිරුවෝ
රට බේරා ගැනීම සදහා දිවි හිමියෙන් කටයුතු කළ රණවිරුවන් එල්ලුම් ගහට නියම කරමින් රණවිරුවන් දඩයම් කිරීම වෙනුවෙන් විරෝධය පළකරමින් හා ජනතාව දැනුවත් කරමින් නොවැම්බර් මස 25 වන දින අනුරාධපුර රුවන්වැලි මහ සෑ රදුන් අබියස සිට කතරගම දක්වා ගමන් කිරීමට රණවිරුවන් සිවු දෙනෙකු ආරම්භ කළ විරෝධතා පාගමන ඊයේ දින අම්බලන්තොටට ළගාවිය .
පසුව 13 වනදා නැවත අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයෙන් මෙම පාගමන ආරම්භ කළ අතර එහිදී එම රණවිරුවන් හට ශක්තියක් වීම සදහා අම්බලන්තොට ලුනම් රණවිරු ගම්මානයේ රණවිරුවන් පිරිසක්ද එක්විය .

popular news
-
Champa Thursday, 13 December 2018 05:36 PM
අනේ මට හරියට දුක හිතෙනවා මේවා දකින කොට. හිරේ ඉන්න ත්රස්තවාදීන් නිදහස් කරන්න ජනාධිපති තීන්දු කර කියලා එයාගේ මහ ලේකම් කියන රටක, එල්ලිම් ගහ ගේන්න ඉක්මන් කරපල්ලා කියන ජනාධිපති කෙනෙක් ඉන්න රටක, එල්ලුම් ගස් යවන්න හිරේ දාල ඉන්න රණවිරුවෝ ගැන හෝ නඩු නැතුව හිරේ දාල ඉන්න රණවිරුවෝ ගැන කතා කරන්න එක දේශපාලකයෙක් නැහැ. එල්ලුම් ගහට නියම කරලා ඉන්න සුනිල් රත්නායක ගැන කතා කරන්න එක දේශප්‍රේමියෙක් අද නැහැ. මේ අබාධිත හමුදා සහෝදරයන්ගේ ධෛර්යය සහ ආත්ම ශක්තිය ගැන හුඟක් ආඩම්බර වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
