එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව නිදහස් කරගත් රණවිරු විජයග්රහණයට දස වසරක් සපිරීම නිමිත්තෙන් රණවිරු සැමරුම් වසරක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.
දේශයේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරිත්වය ආරක්ෂා කරනු වස් දිවිපිදු, අතුරුදන් වූ හා ආබාධිත වූ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුදකිරීම සහ අනුස්මරණය කිරීම උදෙසා සෑම වසරකම රණවිරු සැමරුම් මාසයක් ක්‍රියාත්මක කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙයි.
රණවිරු විජයග්රහණයට දස වසරක් සපිරෙන මෙම 2019 වසරේ දී රණවිරු සැමරුම් වසරක් ප්‍රකාශයට පත් කරමින් වඩා පුළුල් වැඩසටහන් මාලාවක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් රණවිරු සේවා අධිකාරිය පියවර ගෙන ඇත.
රණවිරු සැමරුම් වසර ප්‍රකාශයට පත් කරමින් ඒ හා සමගාමී ව දියත් කර ඇති රණවිරු කොඩි ව්‍යාපාරයේ පළමු කොඩිය රණවිරු සේවා අධිකාරියේ සභාපති ජම්මික ලියනගේ මහතා විසින් අද (05දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත පැළඳවීය.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.