රටේ පාලනය බුද්ධි මණ්ඩලයකට දෙන්න - පාඨලී
රට දැනට පත්ව තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් මුදා ගැනීම ආණ්ඩු මාරුවකින් සිදු කළ නොහැකි බවත් රටේ පාලනය යම් කාලයකට බුද්ධි මණ්ඩලයකට භාරදිය යුතු බවත් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මහනුවරදී පැවසීය.
ඒ අනුව මහ බැංකුව ඇතුළු බැංකු පද්ධතිය, ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රේගුව, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ජල සම්පාදනය වැනි තැන් බුද්ධි මණ්ඩලයක් යටතට පත්කර භාරකාර පාලනයක් කරා ගෙනයා යුතු බවඑහිදී මන්ත්‍රීවරයා අවධාරණය කළේය .
මන්ත්‍රීවරයා ඊයේ (05දා) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුවමාධ්ය හමුවේ අදහස් දක්වමින්ඒ බව අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේ පැවසීය .
“එවැනි භාරකාර මණ්ඩලයකට පත් කිරීම ව්‍යවස්ථාවේ 148 වගන්තිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැවරී තිබෙන වගකීමක්. අද වන විට මුළුමනින්ම රට කඩාවැටිලායි තිබෙන්නේ. ජනතාවට තවදුරටත් මේ තත්ත්වය ඉවසා දරාගැනීමට නොහැකියි . මෙය කැරැල්ලක් කරා වර්ධනය විය හැකියි. එය වළක්වා ගැනීම සඳහා අප ඉදිරිපත් ඉදිරිපත් කළ වැඩපිළිවෙළ වගේම තවත් අය වැඩපිළිවෙළ ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේවා ක්‍රියාත්මක කිරීම සඳහා බුද්ධි මණ්ඩලයට භාර දිය යුතුයි.
ෂේන් සෙනෙවිරත්න

popular news
-
Demuni Uduwara Monday, 07 March 2022 01:41 AM
An advisable and productive suggestion!
Reply : 0 0
සෙනෙවිරත්න Monday, 07 March 2022 03:12 AM
රජයේ මුරණ්ඩු කම මත මෙවැනි යෝජනා සිදුනොවේවි. කැරුල්ලක් වුව හොත් ඔවුන් තම රට වලට පැන යාවි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

