රටේ පවතින තත්ත්වය මත දරුවන්ගේ එන්නත් කිරිම් අතපසු විම පිළිබඳව බිය නොවන්න
- 24 03 2020
- 19:34
- {{hitsCtrl.values.hits}} views
- නදීශානි පතිරණ
රටේ පවතින තත්ත්වය මත ජාතික ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය යටතේ දරුවන් එන්නත් කිරීමේ කටයුතු අතපසු වීම පිළිබඳව අනවශ්‍ය බියක් ඇති නොකර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ පැවසුවාය.
අද කළ විමසුමකදී ඇය පවසා සිටියේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය වුවත් පවතින සෞඛ්‍යමය ගැටලුව මත මවුවරුන් හා ළමුන් සායන වලට එක්රැස් කර ගැනීම අවධානම් බවයි.
එම නිසා පවතින සෞඛ්‍ය අවධානම පහව ගිය පසු එන්නත් මඟ හැරුණු ළමුන් ඇතුළුව එන්නත් ලබා දිය යුතු සියලුම ළමුන්ව සායන වලට ගෙන්වා ගැනීමේ කටයුතු පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා මවුවරුන් දැනුවත් කිරීමෙන් සිදු කරන බව ඇය සඳහන් කළාය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
