රටේ ගෝත්‍රික සමාජයක් නිර්මාණය වෙලා
කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වීමට දේශපාලනඥයන් ජනතාව පන්සලෙන් ඈත් කිරීම හේතුවෙන් සංගීත සංදර්ශනයක් පැයකට කලින් නතර කළායැයි කෝප වී පහර දෙන තරුණ පිරිසක් සිටින රටක් බවට අපේ රටේ ගෝත්‍රික සමාජයක් නිර්මාණය වී සමාජය බිඳ වැටී ඇතැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (15) බළපිටියේදී පැවැසීය
ජිනීවා ඇතුළු විදේශ රටවල් වලට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්න රජය කිසිවිටෙකත් සූදානම් නැතැයි ද ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.
බලපිටිය රන්දොඹේ සංඝරාජ පුරාණ විහාරස්ථානයේ නව සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීම නිමිත්තෙන් පැවති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව කීය.
“අපි ට ආණ්ඩුවක් විදියට ආර්ථික වශයෙන් අභියෝගයක් තිබෙනවා. ඒ වුණත් නිරන්තරයෙන් මෙම විහාරස්ථාන සංරක්ෂණය කිරීම කරනවා. කොවිඩ් රෝගය වෙලාවේ එන්නත්කරණය සමගම ජන ජීවිතය ගොඩ නගන්න කටයුතු කළා. කොවිඩ් නිසා වෙසක් පොසොන් වලදී සිල් සමාදන් වීමට බැරි වුණා.
තරුණයෝ ආගම සමග තිබූ සම්බන්ධතාවය නැති වුණා. පන්සලෙන් ඈත් වුණා. සමහර දේශපාලනඥයෝ පන්සලෙන් ඈත් කිරීමට කටයුතු කළා. පසුගිය කාලයේ අසන්න ලැබෙන පුවත් දැක්කම රට යන්නෙ කොහේ ද කියල පේනවා. සංගීත සංදර්ශනයක් පැයකට කලින් නතර කළා කියල තරුණ පිරිස පහර දෙනවා. ගෝත්‍රික සමාජයක් බවට පත්වෙලා.
සුබවාදී හිතන සමාජයක් ගොඩනැගිය යුතුයි. කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කළත් මිනිසුන් හැදෙන්නේ නැත්නම් ඇති වැඩක් නැහැ. බිඳ වැටිච්ච සමාජයක් තුළ රටක් ගොඩ නැගීම ඵලක් නැහැ.”
තමිදු මධුසර ලියනගේ - අහුන්ගල්ල
popular news
-
LGPJ Wednesday, 16 February 2022 04:00 PM
So called type created by the present Government .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

