ශ්රී ලංකා නාවික හමුදාව වෙන්නප්පුව පොලිසිය හා එක්ව වෙන්නප්පුව නගරයේ ඊයේ (31දා) රාත්රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 47 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
ශ්රී ලංකා නාවික හමුදාවට ලද තොරතුරක් මත බටහිර නාවික විධානය විසින් වෙන්නප්පුව පොලිසිය හා එක්ව ඊයේ (31දා) රාත්රී කාලයේ වෙන්නප්පුව නගරයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදි සැකකටයුතු වෑන් රථ 03 ක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කරන ලදී. එහිදී, එම වෑන් රථ තුළ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් 37 ක්, කාත්තාවන් 06 ක් සහ වයස අවුරුදු 18 ට අඩු 04 දෙනෙක් ඇතුළුව පුද්ගලයන් 47 දෙනෙකු සමඟ එම වෑන් රථ 03 අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම සෝදිසි මෙහෙයුමේදි නාවික හමුදා භාරයට ගත් පිරිස යාපනය, වව්නියාව, ත්රිකුණාමලය, කල්මුනේ, මඩකලපුව, පුත්තලම, හලාවත, මාරවිල, මහවැව, මුන්දලම සහ වැල්ලවත්ත යන ප්රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි විමර්ශන කටයුතු සඳහා වෙන්නප්පුව පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.