විවිධ චෝදනා වලට අධිකරණය මගින් ගුවන් ගමන් තහනම් පනවා ඇති පුද්ගලයන් තිදෙනකු සහ ශ්රී ලංකා නාවික හමුදාවෙන් පළා ගිය සෙබලෙකු , විදේශ රටවල් වෙත පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සසිටියදී 09/23 උදෑසන දින ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .
මොවුන් අතරින් වෙන්නප්පුව උදාසිරිගම පොලිස් වසමේ පදිංචි , සිය බිරිඳගේ දොලොස් හැවිරිදි දියණිය දූෂණය කර ඉතාලිය වෙත පැන යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි 49 හැවිරිදි සුජීව ප්රසන්න ප්රනාන්දු නැමැත්තෙකු ද විය .
මෙම පුද්ගලයා ඉතාලියේ පදිංචිව සිට කෙටි නිවාඩුවකට මෙරටට පැමිණ තිබූ අතර , ඔහුට දියණියන් සිව් දෙනෙකු සහ එක් පුතෙකු සිටින බව පොලිසිය අනාවරණය කර ගෙන තිබුණි .
මෙම සිදුවීම 09/22 දින වෙන්නප්පුව උදාසිරිගම පොලිසිය වෙත වාර්තා වීමත් සමගම , මෙම පුද්ගලයා ප්රදේශයෙන් පළා ගොස් තිබූ අතර , පොලිසිය මේ පිළිබඳව මාරවිල මහේස්ත්රාත් අධිකරණය දැනුවත් කර ගුවන් ගමන් තහනමක් ලබා ගෙන තිබේ .
ඒ අනුව මෙම පුද්ගලයා 09/23 දින අලුයම ඩුබායි ඔස්සේ ඉතාලිය වෙත පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .
මීට අමතරව මන්නාරම සිලාවතුර මහේස්ත්රාත් අධිකරණය , මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකය සහ ශ්රී ලංකා නාවික හමුදාව මගින් ගුවන් ගමන් තහනම් පනවා තිබූ පුද්ගලයන් තිදෙනකු ද , රටින් පළා යාමට 09/23 දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබුණි .