රටින් ගේන බිත්තර වෙළඳපොලෙහි විකිණීමට හැකියාවක් නෑ
වත්මන් වෙළද ඇමතිවරයා මැදිහත් වෙලා පිටරටින් ගේන බිත්තර විවෘත වෙළඳ පොලෙහි විකිණීමට හැකියාවක් නැතැයි සමස්ථ ලංකා බිත්තර වෙළද සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතා අද (10දා) පැවසීය.
මෙහිදී ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ බිත්තර ආනයනය කිරීමේදී ශිතකරණ සහිත බහළුම් වල බිත්තර රැගෙන ආ යුතු බවත් එය ආහාර ප්‍රවාහනයේදී ලෝක නීතිය බවත්ය.
එලෙස සෙල්සියස් අංශක 6ත් 10 ත් අතර සිසිලනයක් යටතේ රැගෙන ආ යුතු බිත්තර පැය 72 කට වඩා වැඩි කාලයක් තබා ගත නොහැකි බවද ඔහු කීය. එලෙස තබා ගත හැකි වන්නේ ද සාමාන්‍ය ශිතකරණ තුළ නිසා එම බිත්තර විවෘත වෙළඳ පොළට නිකුත් කිරීමට නම් ඒ සඳහා ශිතකරණ ද තිබිය යුතු බව සමස්ථ ලංකා බිත්තර වෙළද සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කලහ. එසේ නොමැතිව පැය 72 ක් ඉක්මවා විකුණන බිත්තරයක් යනු සියයට 50 ක් නරක් වු බිත්තරයක් බවද ඇන්ටන් නිශාන්ත මහතා අවධාරණය කළේය.
මෙවැනි තත්ත්වයක් යටතේ ආනයනය කරන බිත්තර ආමි එකට හෝ කේක් වැනි දෑ නිශ්පාදන ය කරන බේකරි වලට ලබා දිය හැකි බවද අවධාරණය කල ඇන්ටන් නිශාන්ත මහතා තව දුරටත් පැහැදිලි කර සිටියේ තමන් ට දැන ගන්නට ඇති පරිදි ප්‍රථම අදියරේදී ගෙන එන බිත්තර ප්‍රමාණය මෙරට දින දෙකක බිත්තර නිෂ්පාදනය බවයි. කෙසේ වෙතත් ආමි එකට හා බේකරි වලට දැනට යන්නේ මෙරට නිශ්පාදන කරන බිත්තර බැවින් වෙළද පොලෙහි බිත්තර වල යම් මිල අඩුවීමක් සිදු විය හැකි බවත් ලබන සෙනසුරාදා වන විට තමන් බිත්තර තොග මිල රුපියල් 50 ට වෙළද පොලට නිකුත් කිරීමට කටයුතු කරන බවත් සමස්ථ ලංකා බිත්තර වෙළද සංගමයේ සභාපති වරයා ප්‍රකාශ කළහ.
ජා-ඇල ප්‍රසංග පෙරේරා
popular news
-
Chandana Tuesday, 10 January 2023 02:44 PM
You sell Eggs under 35 C
Reply : 0 0
Janaka Wednesday, 11 January 2023 05:27 AM
බිත්තරයා බය වෙලා වගී
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

