රටට හා ජනතාවට සෙත්පතා පැවැත්වු කතරගම පුදබිමේ පරිත්‍රාණ ධර්ම දේශනාවට ජනපතිත් එක්වෙයි
ජනතාවට සහ රටට සෙත් පතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ඓතිහාසික කතරගම පුදබිමේ දී ඊයේ (25) රාත්‍රී පැවැත්විණි.
කතරගම පුදබිමට පැමිණි ජනාධිපතිතුමා කිරි වෙහෙර රාජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
කොරෝනා වෛරසය මර්දනයට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට සිය ප්‍රසාදය පළ කළ උන්වහන්සේ කොවිඩ්- 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කළහ.
ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් උන්වහන්සේ විසින් සිහිවටනයක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණ.
කිරිවෙහෙර සෑ රදුන් අබියස විශේෂ ආගමික වතාවත්හි නිරතව ආශිර්වාද ලබාගත් ජනාධිපතිතුමා කතරගම දේවාල භූමියේ අෂ්ඨඵල බෝධීන්වහන්සේ ද වැඳ පුදා ගත්තේය.
කතරගම ශ්‍රී අභිනවාරාමයට ගිය රාජපක්ෂ මහතා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
ජනාධිපතිතුමා කතරගම මහා දේවාලය ඇතුළු සෙසු දේවාල වෙත ද ගොස් ආගමික වතාවත්හි නිරත විය.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ද ජනාධිපතිතුමා එක් විය.
අයෝමා රාජපක්ෂ මහත්මිය, රුහුණු මහා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ශෂින්ද්‍ර රාජපක්ෂ, වත්මන් වැඩබලන බස්නායක නිලමේ දිල්ෂාන් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.


popular news
-
Nandana vindana Sunday, 26 April 2020 06:37 PM
Parithyaga labichchacN95 mask tika front line fight karana health eke ayatayi, army navi kollantayi nathi unatath methana inna bshutharsyak atharenam bedagena wageyi.
Reply : 0 0
Naghi bari ekek Sunday, 26 April 2020 06:43 PM
Ratata janathawata seth pathilla kohoma unath anduwata nam aniwaryayenma onowela thiyena welawak meka. Hama theeranayama gaththa hodatama parakkuwela. Italy idan ehema apu Duppath ewunta loku hall wala samuha nirodayanaya nisa lede pathiruwa. Hanayi London walin apu VIP set ekata (amathi puththu, lokuma salli karayage putha) wenasma salakili. Helicoter facility. Hotel accomadation with CCTV coverage.
Reply : 0 0
rocky Monday, 27 April 2020 06:44 AM
ආරක්ෂාව සහතික කරන නොයෙක් ප්‍රබල ගුරුකම් කරන අපේ ප්‍රවීණ යන්ත්‍ර මන්ත්‍ර ආචාර්යවරුන්ගෙන් මේ අවස්ථාවේදී සේවය ලබා ගත්තොත් නුවනට හුරුයි නේද? වෙඩි නොවදින හෙනරාජ තයිලය වැනි තෙල් හදනවා කියන ඔවුන්ට කොරෝනා නාශක යන්තරයක් හෝ එන්ජිමක් හදන්න බැරි වනු ඇති සිතිය නොහැකිය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

