රටට උචිත නව ව්‍යවස්ථාව මෙම වසරේදී - GL
රටට උචිත නව ව්‍යවස්ථාවක් මෙම වර්ෂයේදී ඉදිරිපත් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියේ එක් ඉල්ක්කයක් එය බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් සහ එම පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ඊයේ (22දා) අමාත්‍යවරයා මේ බව මහනුවර දී ප්‍රකාශ කළේය.
නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුක්ත කමිටුවක් විසින් මූලික කරුණු මේ වන විට සම්පාදනය කොට ඇතැයි ද මනාප මත පදනම් වූ මැතිවරණ ක්‍රමය දූෂිත තත්ත්වයට පත්වන නිසා පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන ඉලක්කයක් වී ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.
සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු කාරක සභාවක් ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සම්බන්ධයෙන් පත්කොට ඇතැයි කී ඒ මහතා එම කමිටු වාර්තා, කෙටුම්පත් කොට පාර්ලිමේන්තුවට නුදුරේදීම ඉදිරිපත් කරනු ඇතැයි ද පැවසීය.


popular news
-
Deepal Nirosh Sunday, 23 January 2022 08:22 AM
අනේ මහත්තයො මේ කරදර අස්සෙ මොන ව්‍යවස්ථා සම්පාදන ද? ඉස් ඉස්සෙල්ලා මේ වසංගත හා ආර්ථික අර්බුදය පාලනය කරගෙන ඉන්න බලමු. නව ව්‍යවස්ථාවක් සම්මත කරන්න මේ පාර්ලිමේන්තුව කොහෙත්ම සුදුසු නැහැ.
Reply : 0 20
Demuni Uduwara Sunday, 23 January 2022 06:59 PM
We don't need a new Constitution; instead make any Amendment!. Our leaders are making Constitutions based on personal agendas.
Reply : 0 0
Demuni Uduwara Sunday, 23 January 2022 11:21 PM
Look at neighbouring India. Since 1950 , they have enjoyed the Constitution with Amendments. We too can satisfy with Constitution adding Amendments. We constitute 3 Constitution within 73 years. Making another Constitution is really a laughing matter!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

