රටට අවශ්‍ය නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
සූම් තාක්ෂණය ඔස්සේ පාර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේය.
පාසල්වල ඇති පුරප්පාඩු පිරවීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් සැකසීමේ අවශ්‍යතාව ද සාකච්ඡා කෙරුණා.
වර්තමානයේ මතුව ඇති ගුරු වැටුප් විෂමතාව විසදීම සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අදහස් දැක්වූවා.
ගුරුවරුන් ස්ථානගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රමවත් කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. වර්තමානයේ දී රාජ්‍ය භාෂා විශාල පරිහානියකට ලක්ව ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දුන්නා. ඉංග්‍රීසි භාෂාව මේ රට අධ්‍යයන භාෂාව බවට පත්වෙමින් පැවතීම සම්බන්ධයෙන් ද අදහස් පළකෙරුණා. නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා වන තාක්ෂණික කමිටුවේ වාර්තාව සති දෙකක් තුළ ලබාදීමට නියමිතයි. නීතිය විෂයක් ලෙස නොව පුරවැසි අධ්‍යාපන විෂයේ කොටසක් ලෙස ඇතුළත් කළ යුතු බවට ද යෝජනා වුණා.
පාසල්වලට අනියුක්ත කර ඇති උපාධිධාරී අභ්‍යාස ලාභීන් ස්ථීර කිරීම සදහා නිසි වැඩපිළීවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට ද සාකච්ඡා කෙරුණා. උපාධිධාරීන් ස්ථීර කිරීමට මේ වනවිට යෝජනා වී ඇති ක්‍රමවේදය ගැටලු සහගත බවයි මන්ත්‍රීවරුන් මෙහිදී පෙන්වා දුන්නේ. ජාතික පාසල් දහසක් ඇති කිරීමේ ව්‍යාපෘතියට පාසල් තෝරා ගැනීමේ වැඩපිළිවෙළ පිළිබදව ද කාරක සභාවේ අවධානය යොමුවුණි.