රටගිය වෛද්‍ය නිලධාරින් 705ගෙන් රජයට රු. කෝටි 125ක පොල්ලක්
විවිධ අරමුණු වෙනුවෙන් විදේශගතවු වෛද්‍ය නිලධාරින් 705 දෙනෙකුගෙන් ගිවිසුම් කඩකිරිම හේතුවෙන් අයවිය යුතු රුපියල් එකසියපහළොස්කෝටි,හැටපන්ලක්ෂ,හැටදෙදහස් එකසියදහනමයක (1,156,562,119) බැදුම්කර මුදල් හා දඩ මුදල් අයකරගැනිමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කටයුතු කර නොමැති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
මෙකි මුදල් කඩිනමින් අයකරගැනිම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. ඉකුත් වර්ෂයේ (2024) ඔක්තෝබර් මස 31 දිනවනවිට වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු ලබාගෙන විදේශගතවු වෛද්‍ය නිලධාරින් 204 දෙනෙකුගෙන් අයකරගැනිමට ඇති බැදුම්කර හා දඩ මුදල රුපියල් හටනමකෝටි,පනස්දෙලක්ෂ,විසිපන්දහස් දෙසිය නමයකි. (695,225,209) වැටුප් රහිත නිවාඩු ලබාගත් වෛද්‍ය නිලධාරින් 480 දෙනෙකුගෙන් අයවිය යුතු මුදල හතලිස්හතරකෝටි,හතලිස්දෙලක්ෂ,අසුඅටදහස් දෙසියහැටඅටකි. (444,288,268) වැටුප් සහිත සහ වැටුප් රහිත යන නිවාඩු වර්ග දෙකම ලබාගත් වෛද්‍ය නිලධාරින් 08 දෙනෙකුගෙන් බැදුම්කර හා දඩ මුදල වශයෙන් රුපියල් හැටදෙලක්ෂ,පනස්තුන්දහස්,නමසියහතලිස් එකක මුදලක් (6,253,941) අයවිමට ඇති අතර වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබාගත් කාලත්‍රයා සමග විදේශගතවිම සදහා වැටුප් රහිත නිවාඩු ලබාගත් වෛද්‍ය නිලධාරින් 13 දෙනෙකුගෙන් රුපියල් එක්කෝටි හත්ලක්ෂ,අනුහතරදහස් හත්සියඑකක මුදලක් (10,794,701) අයවිමට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්රය තුල පශ්චාත් උපාධි පාඨමාලාවට අදාළ පුහුණුව සදහා සහ විදේශිය රැකියා මෙන්ම අනෙකුත් හේතුමත විදේශගතවන වෛද්‍ය නිලධාරින් සේවයෙන් ඉවත්වයාමේ සේවය අත්හැර යාමේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. මෙම වෛද්‍ය නිලධාරින් රජයට ගෙවියයුතු ඇප මුදල් හා දඩමුදල් නොගෙවා සිටිමේ ප්‍රවණතාවයක් දක්නට ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

