ගෝල්ෆේස් පිටියේ අරගල කළ තරුණයන් රටට ආදර්ශයක් බවත් රට ගොඩ නැගීම සඳහා වත්මන් නායකයන් ගෙදර යා යුතු බවත් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පැවැසූහ. ගෝල්ෆේස් අරගල භූමියට පැමිණ අරගලකරුවන් අමතමින් උන්වහන්සේ මේ බව පැවැසීය.
"ඔයගොල්ලෝ රටට ආදර්ශයක්. අද උදේ සිදුවූ සිදුවීම අපි හෙළා දකිනවා. මෙහෙම නෙමෙයි ශිලාචාර විදිහට හැසිරෙන්නේ. අද උදේ කට්ටියක් ඇවිත් ඔයගොල්ලන්ට පහරදීපු එක අපි සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා.
අපේ රට මේ යන ගමන වෙනස් කරන්න ඕන. අපි ඔක්කොමල විනාශයට යනවා. ඒ නිසා අපි මේ රට හදාගන්න අපේ නායකයෝ කරුණාකරලා ගෙදර යන්න.
රට පාලනය කරන්න හරියාකාර කණ්ඩායමකට අවස්ථාව දෙන්න. විශේෂයෙන්ම තරුණ අයට අවස්ථාව දෙන්න. රට විනාශ කරන්න දෙන්න බෑ. අපි ඔක්කොම එක රටක එක දරුවෝ. සහෝදරයන් පිරිසක් ලෙස ඉස්සරහට යන්. අපි මේ රට ගොඩනගමු"