සෞභාග්‍යයේ දැක්ම යටතේ රට හදන සංක්ෂිප්ත ජාතික ප්‍රතිපත්තිය යනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඊයේ රැස්වූ කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ
ආර්ථික වර්ධන වේගය 6.5%ට ඉහළ අගයක පවත්වාගෙන යෑම,
උද්දමන අනුපාතය 5%ට අඩු මට්ටමක පවත්වාගෙන යෑම
අයවැය පරතරය 5%ට අඩු මට්ටමක පවත්වාගෙන යෑම
සේවා වියුක්තිය 4%ට අඩු මට්ටමක පවත්වාගෙන යෑම
ඒක පුද්ගල ආදායම ඩොලර් 6500ක මට්ටමට ගෙන ඒම,
මුදලේ අගය ස්ථාවරව පවත්වාගෙන යෑම යන ප්‍රධාන අරමුණු සහිතව මෙම ප්‍රතිපත්තිය සකස් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.