රට මේ තත්ත්වයට වැටීමට මාධ්‍යයත්, රාජ්‍ය සේවයත් වගකිව යුතුයි
“තම තමන්ගෙන් රටට සිදු කළ හැකි සේවය නිසි ලෙස තේරුම්ගෙන කටයුතු කර රට ගොඩනැගිය හැකියි. මොනදේ කළත් පාර්ලිමෙන්තුවේ සිටින 225 දොස් නගනවා .ඒ දේවල්වල වගකිම බාර ගන්නවා. නමුත් රට මේ තත්වයට පත් විමට රාජ්‍ය සේවය සහ ජනමාධ්‍යද වගකිව යුතුයි” යැයි ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක/මාතලේ දිසා පාර්ලිමෙන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පවසයි.
එ් මහතා මේ ප්‍රකාශ කළේ රැකියා විරහිත උපාධිධාරින් රැකියාගත කිරිමේ වැඩ සටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, උකුවෙල, යටවත්ත හා මාතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා 2020/2021 වර්ෂවලදී බදවා ගන්නා ලද උපාධිධාරි අභ්‍යාසලාභීන් 1326නෙකු සදහා ස්ථිර පත්විම් ලිපි ප්රදානය කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.
එම උත්සවය මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.
“හොදක් අහන්න නම් මැරෙන්නම ඕන රටක්. වැඩක් කරලා හොදක් ඇහැව්වේ කව්ද මේ රටේ? නිදහස් අධ්‍යාපන පනත හදපු කන්නන්ගර මහත්තයා ඡන්දෙන් පරද්දලා ගේදර යවපු රටක් මේක. ප්‍රථම වතාවට නැව් රජයට ගත්තු P.B කලුගල්ල මහත්තයාට නැව් හොරා කියලා නම දාපු රටක් මේක. ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ගෙනාව සිරිමාවෝ මැතිණිය බිංදු කුමාරි කරලා ඉඩම් හොරා කියපු රටක් මේක.
මහවැලිය හදපු ගාමිණි දිසානායක මහත්තයට ලැබුන නම්බු නාමය තමයි මහවැලි හොරා කිව්වා. යුද්දය දිනපු අධි වේගි මාර්ග හදපු මහින්ද මහත්තයට ලැබුන නම්බුනාමය තමයි මහින්ද හොරා. අනගාරික ධර්මපාල තුමාගේ පිළිරු හන්දි හන්දි ගානේ හදලා අද සැමරුම් ගුණ කතන මාසේන් මාසේට තියෙනවා. හැබැයි ජිවත් වෙලා ඉන්නකොට රටත් දාලා ගියා එතුමා.
මේ වන විට ලංකාවේ වසම් දාහතරදහසක් තියනවා.ඒ හැම වසමකට නිලධාරින් ඉන්නවා.නි ලධාරින් හැත්තැදහසක් පමණ මුලු පිරිස ඉන්නවා. ඔවුන්ගේ නිසි කාර්යභාරය ඉටු වුනානම් මේ තරම් ප්‍රශ්න තියන්න පුළුවන්ද? ප්‍රශ්න සියයට 50ක් විසදන්න පුළුවන්. වසර 73ක් තිස්සේ රට කරවපු පිරිසට මුහුණුපොතින් බණිනවා. නමුත් තමන්ගෙන් රටට විය යුතු සේවය නිසි ලෙස ඉටු වුවාද කියන එක ප්‍රශ්නයක්.
අද වන විට විදේශ රටවල් වලට සේවය සදහා තරුණ පිරිස් රට යනවා කියලා දොස් කියනවා. නමුත් රට ගිහින් විර්‍ශාම වැටුප් සහ වරප්‍රසාද ඉල්ලන්නේ නැහැ. අපේ රටේ රාජ්‍ය සේවයට ඇවිත් ඒ සියල්ල ඉල්ලනවා .මේ දේවල් වෙනස් විය යුතුයි. උපාධිය කියන්නේ අධ්‍යාපනය මනින මිම්මක් .ජිවිතය පිළිබදව උපාධිය හැදැරිය යුතුයි.
පාසල් නොගිය පිරිස් එදා දාර්ශනිකයන් වුණා. විද්වතුන් වුණා. රට සංවර්ධනය කරා යන ගමනේදි ඔබ සියලු දෙනාගේ සහය අවශ්‍යයි .ඒ සදහා පත්විම් ලබන සියලු දෙනා කැපවිමෙන් වැඩ කළ යුතුයි”
මාතලේ මහේෂ් කිර්තිරත්න
popular news
-
සනත් ගමගේ Thursday, 27 January 2022 07:42 AM
යුගයට ගැලපෙන හොඳම කථාවක් මොනවාවුනත් ඇත්ත තත්ත්වය එයයි. මාධ්‍ය යේ වොයිස් කට්වලින් රට පාලනය කරන්නත් ආන්ඩු බලයට ගන්නත්,බැහ. දවසේ වීරයා වීම පමනයි වොයිස් කට්වලින් සිද්ධවෙන්නේ. රාජ්‍ය සේවයට යන්න දඟලන දැඟලිල්ල ගියාම එහෙම නෑ වගේ ඉන්නේ. මාසික වැටුප ලැබෙනව. අතිකාල කියා තවත් ලැබෙනව. තවතවත් ලැබිලි තියනව. මේ සියල්ලම රජ්‍ය හා සංස්ථා මන්ඩල සේවකයින්ට මේ රටේ වැඩියෙන් ඉන්න අනිකුත් පිරිස ගැන ඇයි බලන්නේ නැත්තේ. මේ පඩි ලබන අයමයි හැමදාම පාරේ පිකටිං කරන්නේ. මේ අයට කොතෙක් ලැබුනත් මදි. දුප්පතා ලැබෙන දෙයින් ජීවත් වෙනව. මේ අයට මදි. මේ රට කවදාවත් ගොඩ ගන්න බැහ. මේ තත්ත්වයටගියොත්. ඔබතුමා කියපු විදියට මාධ්‍යයත්, රජයේ සේවයත් පාලනය කරන්න තද වැඩපිළිවෙලක් අවශයි. එවිට කියාවි මාධය නිදහස නෑ කියලා නිදහස දීම වැඩි එකයි අපේ රටේ ඇති එකම ප්රශ්නය අද වෙනත් රටවල ගිහිල් තෙමිච්ච මීයෝ වගේ අපේ රටේ උදවිය වැඩ කරනව. මෙහෙත් එමෙහ වැඩ කරනවානම් රට ගියා වගේ තමයි.
Reply : 0 0
klal Thursday, 27 January 2022 08:02 AM
You are absolutely right. No point in blaming politicians and protests. we vote for them for a period but Government servants are appointed for their life. Think of customs officers, Doctors, Engineers, tax officers directors, officers. They all work with private agenda. They never work to lose that. But They do maximum damage to the state services and inflict losses to the public. Start from Undergrads, The protest for nothing, waste of time and money on the road, Strikes by govt servants. And they themself blame we are in the same situation 70 years ago. Actually, the attitude changed. We cannot get any right information about anything except useless news from media. Derana has become the leader of negative news. See what AKD says. He says country has done the drain as if nothing happened. Look at some professors like Mettika who inflicted maximum damage to image of our country by protesting about burial of covid patients. Still she is expecting a huge famine in June this year.
Reply : 0 0
LGPJ Thursday, 27 January 2022 09:01 AM
Oh My Dear. Present majority of Administrators must take responsibility as well as.
Reply : 0 0
Kumar Thursday, 27 January 2022 04:27 PM
may mathrithumat kiyanna thibenne " danna apata borumokatada gothla kiyanne" kiyalayi. arthika athin rakiya dahas gananak denna puluwan kamak thibunanam pasugiya rajaya ema rakiya denawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

