රට තුල සහල් සහ සීනි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් උද්ගතව ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඇතැම් දේශීය සහ විදෙස් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ශ්‍රී ලංකාවේ බරපතළ ආහාර හිගයක් හටගෙන ඇතැයි ප්‍රචාරය කරමින් සිටින අතර එම වාර්තාවල කිසිදු පදනමක් නොමැති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු නිවේදනයේ දැක්වෙයි.
එම නිවේදනය පහතින්.....