රට නිවැරදි මාර්ගයට ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සඳහන් කිරීමට අනිද්දා (15දා) සමගි ජන බලවේගය ජනතාව සමග කොළඹට පැමිණෙන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
'රට විනාසයි දැන් ඇති - තවත් වනසන්න දෙන්න බෑ' යන තේමා යටතේ හෙට දිනයේ කොළඹ පැවැත්වෙන විරෝධතාවය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා අද (13දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම බව සඳහන් කළේය.
මෙහිදී රට ගොඩ ගැනීම සඳහා ජනාධිපතිවරයාට මාසයක කාලයක් ලබා දෙන බවත්, එම කාලය තුළ රට ගොඩගැනීමට නොහැකි නම් ප්රජාතන්ත්රවාදී රාමුවක් තුළ ජනාධිපතිවරයා ගෙදර යැවීම සඳහා කටයුතු කරන බවත් සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා,
"අපි පසුගිය කාලේ දැක්ක දෙයක් තමයි ආණ්ඩුව ආණ්ඩු කර ගන්න බැරි වෙලා ඉන්න අවස්ථාවේ තවත් පිරිසක් විපක්ෂයට ඇගිල්ල දිගු කරනවා. 1948 නිදහසින් පස්සේ මේ වගේ වැටිච්ච ආණ්ඩුවක් අපි ඉතිහාසයේ දැකලා නෑ. 2014 අපි දැක්කා මහින්ද මහත්මයා ෆේල් වෙනවා.
2014 මහින්ද මහත්මයා ෆේල් වුණාට පස්සේ ඔවුන් ගෙනවා ගෝඨාභය මහත්මයාව. එලෙස ගෙනාපු ගෝඨාභය මහත්මයා අවුරුද්දක් යන්න කලින් ෆේල් වෙනවා. ඒ ෆේල් වීමත් සමග මොළ07 මහත්මයාව සම්පූර්ණයෙන් ව්‍යවස්ථාවත් වෙනස් කරලා ගෙනාවා.එයත් දැන් ෆේල්. ඒ කියන්නේ මේ මොළ තුනම ෆේල්. රාජපක්ෂලාගේ මොළ සෑම එකක්ම ෆේල් වෙලා අවසන්.
අද ඉරිදා. හෙට වැඩට යන්න ඕන. තෙල් තියෙනවාද, ගෑස් තියෙනවාද, බෙහෙත් තිබෙනවාද, කන්න තිබෙනවාද කියලා රටට විශ්වාසයක් නෑවැඩ කරන විරුවා කියලා සිංදු කියාගෙන ගිය රටේ.ඒ සිංදුවේ වැඩ කරනවා වෙනුවට වැඩි කරන විරුවාද කියලා තිබ්බේ කියලා මිනිස්සුන්ට සැකයක් තිබෙනවා.
අපි 15වැනිදාට කොළඹට එනවා. අපි එදාට කොළඹට එන්නේ හැරිලා යන්න නෙවෙයි. සමගි ජන බලවේගය රටේ ප්‍රධාන විපක්ෂය ලෙස අඟහරුවාදා සවස 02ට අපි බහිනවා පාරට. මේ වෙන ව්‍යසනයට එරෙහිව පක්ෂ භේදයකින් තොරව එළියට එන්න කියලා අපි ආරාධනා කරනවා.
ගෙදරට වෙලා එක එක්කෙනාට ඇගිල්ල දිගු කරමින් ඉන්නවාට වැඩිය අපි ආරාධනා කරනවා ඔබතුමන්ලාට මේ රටේ ජනතාව විඳින දුකට එරෙහිව පාරට බහින්න. ඒ අනුව මාර්තු 15වැනිදා සවස 02ට කොළඹට එක්වෙන්න. අපි එදාට කොළඹට එන්නේ ජනාධිපතිවරයාට පණිවිඩයක් දෙන්න.
අපි ජනාධිපතිවරයාට මාසයක කාලයක් දෙනවා. අපි එදාට ගිහින් කියනවා දැන්වත් දඩබ්බර පිළිවෙත් අතහැරපල්ලා කියලා. තමා තමයි හොඳටම කරේ කියන අදහසින් එළියට බැහැපල්ලා,දැන්වත් තමන්ගේ පවුලට විතරයි පුළුවන් කියන එක අතහැරපල්ලා,දැන්වත් සර්ව පාරක්ෂික කණ්ඩායමක් ගෙනල්ලා කතා කරලා රට කොහොමද ගොඩ ගන්නේ කියලා කියාපල්ලා කියලා.
මිනිස්සුන්ට කන්න නෑ. බෙහෙත් නෑ. කොහේ යනවාද කියලා දන්නේ නෑ. රටේ නිදහසින් පස්සේ විනාශම කරපු නායකයා ලෙස දැන්වත් තමන් ගැන ස්වයං විවේචනයක් කරගෙන සියලු පක්ෂ එකතු කරගෙන රට යන විදියක් ගැන කතා කරපල්ලා.
අපි අඟහරුවාදාට ජනාධිපතිවරයා ඉන්න තැනක් හොයාගෙන යනවා. එහෙම ගිහින් එතුමාට දැනෙන්න කියනවා අපි මාසයක් දෙනවා රට හරි පාරට ගන්න කියලා. ඒත් ඔහු හරි පාරට ගන්න කැමති නැත්තන් මාසයකින් පසු අපි දැඩි පියවර ගන්නවාමයි.
අරාබි වසන්තවලට එහා ගිය වැඩපිළිවෙළකට යනවාමයි. අපේ පක්ෂයට ආණ්ඩු වට්ටලා සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන පිස්සුවක් නෑ. නැවත වතාවක් කියනවා ජනාධිපතිතුමනි බයිලා නම් ගහන්න එන්න එපා. කොරෝනා නිසා වැටුනේ නෑ. ඔබතුමාට වැඩ බැරි නිසයි වැටුනේ.
අපි ඉවසුවා ඇති. 15වැනිදා අපි එනවා. මාසයක් කල් දෙනවා. එදාට ඔබතුමාට සැරට කියනවා. ඉන්න පුළුවන් නම් ඉන්න. නැත්තන් යන්න. මාසයක් ඇතුළත මේකට විසඳුමක් දෙන්නේ නැතිනම් බලෙන් හෝ ගෙදර යවන්න ප්රජාතන්ත්රවාදී රාමුව ඇතුලේ අපි කටයුතු කරනවා"යනුවෙන් සඳහන් කළේය.
