රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වනවිට කොරෝනා ආසාදිත දරුවන් 200 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබමින් සිටින බව එහි ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය නලින් සී. කිතුලවත්ත මහතා පවසා සිටියි.
එම රෝහලේ කොරෝනා ආසාදිත දරුවන් සඳහා දැඩි සත්කාර ඒකක පහසුකම් ඇත්තේ දරුවන් 6 දෙනෙකු සඳහා පමණක් වුවත් මේ වනවිට දරුවන් 7 දෙනෙකුට ප්‍රතිකාර කරන බව විශේෂඥ වෛද්‍ය නලින් සී. කිතුලවත්ත මහතා වැඩි සරටත් සඳහන් කර සිටියේය.