රජයේ රෝහල් තුළට පුද්ගලික අංශය කැඳවීමේ සෞඛ්‍ය පුද්ගලීකරණ කැබිනට් පත්‍රිකාව අනතුරුදායකයි
රජයේ රෝහල් තුළ සේවා ලබාදීමේදී රජයේ සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෙනුවට පුද්ගලික අංශයට රජයේ රෝහල් තුළට පැමිණ රෝගීන්ට සේවා ලබාදීමේ අරමුණින් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කරන රාජ්‍ය පෞද්ගලික සෞඛ්‍ය සේවා ඒකාබද්ධ කිරීම සම්බන්ධ කැබිනට් පත්‍රිකාව මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව සම්බන්ධ බරපතළ අභියෝග රැසක් ඉස්මතු කරන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
දැනට රජය රෝහල්වලට නිදහස් සෞඛ්‍ය ලබා ගැනීමට පැමිණෙන රෝගීන් සඳහා සෞඛ්‍ය පහසුකම් ලබාදීමේදී රජය අසමත් බව අදාළ කැබිනට් පත්‍රිකාව අනුව තහවුරු වන බවත් ඒත් ලින්ක් සෞඛ්‍ය පද්ධතියේ පරිපාලනමය සහ මූල්‍ය අකාර්යක්ෂමතාව වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා විසින්ම පිළිගෙන ඇති බවද ඔහු පෙන්වා දෙයි.
රාජ්‍ය අංශය මගින් සේවා ලබාදීමේදී රජයට වැයවෙන පිරිවැය අඩුවන අතර පුද්ගලිකා සේවා මගින් සේවා ලබා ගැනීමේදී අදාළ පිරිවැය ඉහළ අගයක පවතින බව සෞඛ්‍ය ආර්ථික විද්‍යානුකූලව සිදු කරන ලද විශ්ලේෂණ මගින් තහවුරු වී ඇති බවත්, තවදුරටත් මේ සම්බන්ධව අදාළ විෂය පථය සම්බන්ධ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් හරහා අධ්‍යනය කිරීමකින් තොරව මෙවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම ප්‍රශ්න සහගත බව ද ඔහු පෙන්වා දෙයි.
දිවයින පුරා රෝහල්වල ඉස්මතු වන උග්‍ර ඖෂධ හිඟය, CT /MRI විකිරණ තාක්ෂණ පරීක්ෂණ සිදු කිරීමේ අර්බුදය, ශල්‍යකර්ම සඳහා දීර්ඝ පොරොත්තු ලේඛන වල කරන වල රැඳී සිටීම, ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක රසායනාගාර පරීක්ෂණ සේවා නිසි පරිදි සිදු නොකිරීම, හා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් රට හැර යෑම වැනි ප්‍රමුඛතා මත ඉස්මතුව ඇති ගැටලු සඳහා විසඳුම් ලබාදීමට රජය දක්වා ඇති අසමත්කම මෙම කැබිනට් පත්‍රිකා මගින් තවදුරටත් තහවුරු වන බවද ඔහු පෙන්වා දෙයි. මෙම බිඳ වැටීමට වගකිවයුතු නිලධාරීන් තවදුරටත් ඉහළ නිලතලවල පවත්වාගෙන යමින් සෞඛ්‍ය පද්ධතිය ගොඩනැගීමට නොහැකි බව මේ දක්වා ජනාධිපතිවරයා අවධානයට ලක් නොකිරීම කනගාටුවට කරුණක් බවද ඔහු සඳහන් කරයි.
එබැවින් මෙම ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකා සම්බන්ධව තාක්ෂණික කමිටුවක් පත්කොට නිසි ඇගයීමක් ලබාගන්නා තුරු මෙම කැබිනට් පත්‍රිකා ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙසද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
අහංගම සුමතිපාල දීයගහගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
