ප්රවෘත්ති විකාශයේදී රාජ්‍ය හා පෞද්ගලික නාළිකා අපේක්ෂකයන් සඳහා වෙන් කරන කාලසීමාව පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.
ඒ පිළිබඳව ඉදිරියේදී ඔවුන්ව දැනුවත් කිරිමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“රජයේ පුවත්පත් ඇල්පිටියේ ප්‍රතිඵලය හරියට දාන්නේ නැන්තම් ගැටලුවක් තිබෙනවා. විද්‍යුත් මාධ්‍ය සංඛ්‍යාත අයිති රජයටයි. ආණ්ඩුව තමයි විකුණන්නේ. හරියට පෞද්ගලික බස් වලට ලයිසන් දුන්නා වගේ.
රාජ්‍ය මාධය හැසිරිම ගැන පැමිණිලි ලැබෙනවා. අපි විශ්ලේෂණය කරලා රජය සතු මාධ්‍ය අපක්ෂපාතී ලෙස කටයුතු නොකරයි නම් තද ක්‍රියාමාර්ගයක් ගන්නවා.
ආයි වෙන නිවේදනය නිකුත් කරන්නේ නෑ අවශ්‍ය දේ වෙයි. පෞද්ගලික මාධ්‍ය කියනවා නම් ජනතාව ඉල්ලන දේ දෙන්නේ කියලා අපි කියනවා ඉල්ලන දේ දෙන්න එපා කියලා.
මේ පිළිබඳව සිවිල් සංවිධාන අධිකරණයට ගියොත් අපි ඔවුන් වෙනුවෙන් සහාය දක්වන්න කටයුතු කරනවා.”
