සීගිරිය පොලිස් බල ප්රදේශයේ ඉනාමලුව රජයේ තේක්ක රක්ෂිතයේ මහා වන මැද කම්කරුවන් රැඳී සිටි වාඩියක 19 දින රාත්රියේ ඇතිවූ ගැටුමකින් පහර කෑමකට ලක්ව එක් අයෙකු මියගොස් තවත් අයකු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සීගිරිය පොලිසිය කියයි.
ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එම වාඩියේ සිටි එක් අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතරින් තුවාල ලබා ඇති පුද්ගලයාට පහර දුන් අයකුද එම වාඩියේම සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව සීගිරිය පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ වැඩ පාලකවරයෙකු ලෙස සේවය කළ පොල්පිතිගම මොරගොල්ලාගම , රඹේ, ප්රදේශයේ පදිංචි ක්රිස්නන් රාජ් කුමාර් 55 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් කළේය.
දඹුල්ල ඉනාමලුව රජයේ තේක්ක රක්ෂිතයේ දැව ඉවත් කිරීමේ කොන්ත්රාත් ලබාගෙන සිටි අයකු සේවා සඳහා යොදාගෙන සිටි කම්කරුවන් පිරිසක් මහ වන මැද වාඩි තනාගෙන නැවතී සිට තිබේ.
ඔවුන් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් පුද්ගලයන් දෙදෙනා දෙදෙනා බැගින් දෙකට බෙදීම ගැටුමක් ඇති වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙ, එහිදීම වැඩ පාලකවරයා සහ කම්කරුවකු අතරින් දරුණු ගැටුමක් ඇතිවී වැඩපාලකවරයා නැවතී සිටි කූඩාරමේ මැස්සක් මත මියගොස් තිබෙ.
අනෙක් සේවකයන් දෙදෙනා අතරද පැය ගණනාවක් ගැටුම ඇති වීම පසුව ඔහු බරපතල තත්ත්වයේ පසුවීමත් සමඟ පහර දුන් පුද්ගලයා 1990 හදිසි ගිලන් රථ සේවාවට කතාකොට ඔහු දඹුල්ල රෝහලට යවා ඇතැයි පොලිසිය කියයි.
මෙම හතර දෙනා කාලයක සිට රජයේ තේක්ක රක්ෂිතයේ ගස් කපා ඉවත් කිරීමේ කොන්ත්රාත් කරන අයෙකු ළඟ සේවය කරන කම්කරුවන් බව පොලිසිය සඳහන් කරයි.
ඔවුන් සිව් දෙනා මහ වන මැද වාඩියක සිටින අතර ප්රදේශයේ අයෙකු ගේ සහාය ඇතිවනව කසිප්පු නමැති මත් වතුර ගෙනවිත් පානය කරන අතර තුර මෙම ගැටුම ඇතිවී ඇතැයි අත්අඩංගුවට පත් අයගෙන් ප්රශ්න කිරීමේදී හෙළි වී තිබේ.
වැඩපාලකවරයා සහ අනෙක් පුද්ගලයා අතර මුදල් ආරවුලක් මත ගැටුම ඇති වූ බවත් කම්කරුවන් දෙදෙනා අතර ගැටුම මත් වතුර පානය කිරීමේදී ඇති වූ බහින් බස් වීමක් මත සිදුවූ බව අත්අඩංගුවට පත් වූවෝ පොලිසියට ප්රකාශ කොට තිබේ
බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලේ ප්රතිකාර ලබන පුද්ගලයාද පොල්පිතිගම ප්රදේශයේම පදිංචිකරුවෙකු බවත් පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට පත් පුද්ගලයන් පිළිබඳව ඉදිරි නීති ක්රියා මාර්ග ගන්නා බව සීගිරිය පොලිසිය සඳහන් කර සිටී. මිය ගිය අයගේ පච්චාත් මරණ පරීක්ෂණය එම වන මැදම සිදුකිරීමට නියමිත බව පොලිසිය සඳහන් කර සිටි. සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
