රජයේ කැළෑ හෙක්ටයාර් 5711.75 රක්ෂිත කිරීමට අවධානය
මොනරාගල,අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්ක වල රජයේ කැළෑ හෙක්ටයාර් 5711.75 රක්ෂිත කිරීමට පරිසර අමාත්‍යංශයෙන් පියවර ගෙන ඇතැයි මොනරාගල දිසා වන නිලධාරී චමින්ද ලියනආරච්චි මහතා පැවසීය.
රක්ෂිත කෙරෙන භූමි ප්‍රමාණයන් හෙක්ටයාර් වලින් මෙසේය,
මොනරාගල දිස්ත්‍රික්කය -
පොරමැඩිල්ල 126.7,කන්දේයාය 450.147,වැලිආර රජයේ වනය 1534.4,කුඩාගොඩකන්ද 23.08,වන්තිබ්බාගොඩ,205.1,ආගරේ 224.5,වෙහෙරගල 28.82,මිල්ලකැළේ 29.4,බණ්ඩාරවාඩිය 50.7,අඹාත්තාහෙළ 716.08
අම්පාර දිස්ත්‍රික්කය -
කරංහාව 381,පානමඋතුර 832.46,බදුලුගොඩ 82.6,පාලංකුඩා කඩොලාන වනාන්තරය 113.52
මහනුවර දිස්ත්‍රික්කය -
රිලාගල 515.2145,රජගල 398.03
මෙතෙක් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත්ව තිබූ මෙම රජයේ කැළෑ ජූලි (15) වෙනිදා සිට රක්ෂිත වනාන්තර බවට පත්කෙරේ.
වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් වරයාගෙන් නිසි අනුමැතියක් නොමැතිව මෙම රක්ෂිත වල කිසිදු මිනිස් ක්‍රියාකාරකමක් සිදුකළ නොහැක.
මේ සම්බන්ධයෙ ගැසට් පත්‍රය ජූලි 15 වෙනි දින පරිසර ඇමති ධම්මික පටබැඳි මහතා විසින් නිකුත් කිරීමට නියමිතය.
මොනරාගල සුමනසිරි ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

