රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුවේ සියළුම අංශ ආවරණය වන පරිදි කඩිනම් වෝහාරික විගණනයක් සිදු කිරීමට යයි.
ඒ සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්දන් මහතාට ඊයේ (21) උපදෙස් දුන්නේය.
එමගින් ආයතනය තුළ ඇති අඩුපාඩු සියල්ල හෙළිදරව් කරගත හැකි බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව වැනි ආයතනයක් නවීන ලෝකයට ගැලපෙන පරිදි දියුණු කිරීම සඳහා මෙවැනි විගණන පරික්ෂණයක් සිදු කිරීම අත්‍යාවශ්‍ය බවද කියා සිටියේය.
ඇමතිවරයා මේ උපදෙස් ලබා දුන්නේ රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුව නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක් වෙමින් ආයතනයේ නිලධාරින් හා වෘත්තිය සමිති සමඟ ඊයේ (21) දින පැවැති සාකච්ඡාවේදීයි.
ප්‍රධාන ගබඩාව, වාත්තු අංශය, යාන්ත්‍රික අංශය, විදුලි අංශය, බර වෑද්දුම් අංශය සහ වඩු අංශයන්හි කටයුතු සිදුවන ආකාරය ද ඇමතිවරයා මෙහිදි නිරීක්ෂණය කළේය.
ආයතනයේ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචනය සිදුකළ අතර ඉදිරි සැලසුම් හා ආයතනයේ පවතින ගැටළු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණ.
ආයතනයේ ඉහළම නිලධාරියාගේ සිට ආයතනයේ පහළම සේවකයා දක්වා සියළු දෙනා සම්බන්ධ කර ගනිමින් කළමනාකරණ රැස්වීමක් මාසයකට සැරයක් පවත්වන ලෙසද ඇමතිවරයා විසින් මෙහිදී එහි සිටි නිලධාරින්ට උපදෙස් දුන්නේ ය. ඒ සෑම සාකච්ඡාවකටම ආයතනයේ සෑම වෘත්තිය සමිතියක්ම සම්බන්ධ කරගැනීම අනිවාර්ය බව ද ඇමතිවරයා කීවේය.
