විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ කවුරු මොන ලිපි ගිවිසුම් අත්සන් කළත් ව්‍යාපෘති සම්බන්ධව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කරන්නේ තමන් බව මගි ප්‍රවාහන කළමනාකරණ හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (16) ලංකා විදුලි පුද්ගලික සමාගමේ පැවැති සාකච්ඡාවට සහභාගි වෙමිනි.
ඒහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
"විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හෝ විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරින් කවුරු මොන විදිහේ ගිවිසුම් හා ලිපි වෙනත් කණ්ඩායම් සමග හුවමාරු කර ගත්තත් මට කමක් නෑ. රටට හා ජනතාවට අහිතකර වන ව්‍යාපෘති කිසි දෙයකට මම හරහා අමාත්‍ය මණ්ඩලයට අමාත්‍ය මණ්ඩල සංදේශ මම ඉදිරිපත් කරන්නේ නැහැ. කවුරු මොනවා අත්සන් කළත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය නැතුව ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ වගේ රටට හා ජනතාවට අහිතකර ව්‍යාපෘති කිසිවක් මගේ මැදිහත්වීමෙන් අමාත්‍ය මණ්ඩලයට යන්නේ නැහැ. ඒක මම වගකීමෙන් ම කියනවා.
එම රැස්වීමට සහභාගි වී සිටි මාධ්‍යවේදීන් විසින් කෙරවළපිටිය විදුලිබල ව්‍යාපෘතියක් සම්බන්ධව විමසා සිටි අතර ඊට පිලිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ කවුරු හරි නිලධාරියෙක් මොනව අත්සන් කළත්, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කළ යුත්තේ තමන් බවයි. ඒ නිසා වගකීමෙන් තමන් ඉදිරි කාලය තුළ විදුලිබල හා බලශක්ති මෙන්ම ප්‍රවාහන ක්ෂේත්රයේ මහජනතාවට හෝ රජය අසීරුවට ලක් කරන කිසිදු ව්යාපාතියකට හෝ ගිවිසුමකට මගෙන් අත්සන් කිරිමට හැකියාව නොලැබෙන බව පැවසිය.
පසුගිය රජයේ ඇමැතිවරු පොට වරද්ද ගත්තා. හොරු අල්ලනවා යැයි කියමින් බලයට පැමිණි පසුගිය රජයේ ඇමැතිවරු මහජනතාවට වැඩ කළේ නැහැ. හොරු අල්ලන වැඩේ කරන්න ඕනෑ ඇමැතිවරු නොවෙයි. ඒ වැඩේ කරන්න වෙනත් ආයතන තියෙනවා. ඒ වැඩේ භාර දෙන්න ඕනෑ ඒ අයටයි.
පහුගිය රජයේ හොරු අල්ලන වැඩේ අපි වත්මන් රජය හැටියට භාර ගන්නේ නැහැ. අපි ඒ කටයුතු අදාළ අංශවලට භාර දෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපිට උපදෙස් දීලා තියෙන්නේ ඇමැතිවරු ඇමැතිවරුන්ට පවරපු රාජකාරිය කරන්න කියලා. එම නිසා අපි මහජනතාවට වැඩ කරනවා මිසක් පසුගිය ආණ්ඩුව වාගේ රාජකාරි පටලවාගෙන අපි ඇනගන්න වැඩ කරන්නේ නැහැ.
හොරු අල්ලන්න කියලා ආපු ආණ්ඩුව අවසානයේ මහජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණේ නටපු තොවිලෙකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ වගේ. අනික් කාරණය තමයි මිනිස්සු අමතක කිරීම . තමන්ට ඡන්දය දුන් මිනිස්සුන්ට ඇමැතිවරු හම්බවෙන්න හැකියාවක් තිබුනේ නෑ. ගියාම එළවා ගන්නවා. අවසානයේ මිනිස්සුම තීරණය කළා තමන් පත් කර ගත්ත ආණ්ඩුව එළවා දාන්න.
මහජනතාව පක්ෂයකට ඡන්දෙ දීම රාජකාරියක් නොවෙයි. ඒක ඒ අයගේ කැමැත්ත. මහජනතාව කිසියම් පක්ෂෙකට හෝ පුද්ගලයෙකුට ඡන්දේ දෙන්නේ තමන්ගේ හදවතින්ම පැන නගින කැමැත්ත නිසයි. එහෙම නැතුව අම්මා තාත්තා කියපු පළියට, පරම්පරාවම ඒ පක්ෂෙට ඡන්දෙ දුන්නා කියලා වර්තමානයේ ඡන්දෙ දෙන සම්ප්රදායක් නෑ. අද අපේ රටේ තරුණ පරම්පරාව බුද්ධිමත්. ඔවුන් ආවට ගියාට වැඩ කරන්නේ නැහැ. හිතලා බලලා තමයි කටයුතු කරන්නේ.
එක්සත් ජාතික පක්ෂය අවුරුදු පහකට ආසන්න කාලයක් රට පාලනය කළත්, මහජනතාව දිනාගන්න වැඩපිළිවෙලක් ඔවුන්ට තිබුනේ නෑ. මම හිතන විදියට ඔවුන් ආණ්ඩුවක් ගෙනයන විදිහ දන්නේ නැහැ. සමහර විට වැඩි කාලයක් විපක්ෂයේ ඉඳලා පුරුද්ද නිසා වෙන්නැති.
ආණ්ඩු කරන එක කලාවක්. ඒ කලාව එක්සත් ජාතික පක්ෂයට ඕනෑ නම් අපේ රජයෙන් ඉගෙන ගන්න පුළුවන්” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.