රජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ පූර්ණ වශයෙන් රජය සතු රාජ්‍ය සමාගම්වල සේවක මණ්ඩලවලට 2019 වසර සදහා ප්‍රසාද දීමනා ලබා දිමට මහා භාණ්ඩාගාරය අනුමැතිය ලබා දී ඇතැයි මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් මගින් පවසයි.
ඒ අනුව ප්‍රසාද දීමනා ගෙවීමට සුදුසුකම් ලබන ආයතන එහි 2018 ගිණුම් වසරේ මූල්‍ය වාර්තා පදනම් කරගෙන පසුගිය වසරේ ලබාදුන් ආකාරයට සියලු කාර්ය මණ්ඩලය වෙත 2019 වසර සඳහා ප්‍රසාද දීමනා ගෙවන ලෙස මෙහිදී වැඩි දුරටත් උපදෙස් දී තිබේ.
2018 දෙසැම්බර් 07 දින නිකුත් කරන ලද රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අංක 03/2018 යන චක්‍රලේඛය අදාළව මෙම කටයුතු සිදු වෙයි.
එහිදී මහා භාණ්ඩාගාරය මගින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් සහ රජයේ සියලු ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් වෙත මේ සම්බන්ධ චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයිද අමාත්‍යාංශය පවසයි.
එසේම තම ආයතනවලට අධ්යක්ෂ මණ්ඩල පත් කර නොමැති අවස්ථාවක වුවද, අදාළ රාජ්‍ය ආයතන වෙතින් ගෙවිය යුතු සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සිදු කිරීමට යටත්ව 2019 වසරේ ප්‍රසාද දීමනා ගෙවීමට අවසරය හිමි වන බවත් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.