රජය විසින් වී මිලදී ගැනීම ආරම්භ කර තිබෙන බවත්, මේ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 90කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 92කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 95කටත් මිලදී ගන්නා බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.
වී මිලදී ගැනීම සඳහා මේ වනවිට අස්වැන්න නෙළන උතුරු නැගෙනහිර ප්‍රදේශවල ගබඩා විවෘත කිරීම අද (02දා) සිට ආරම්භ කළ බවත්, ගොවිබිම්වලට ගොස් වී මිලදී ගැනීමටත් සැලසුම් කර තිබෙන බවත් එම මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා පවසා සිටියේය.
එසේම වී කිලෝවක් රුපියල් 75ක මිලකට මිලදී ගැනීමට මුලින් තීරණය කර තිබුණු අතර, අදාළ මුදල ඉහළ දමා වී මිලදී ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදී තිබූ බවත්, මේ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දා නන්ද අලුත්ගමගේ මහතා විසින් තරගකාරී මිලට වී මිලදී ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.