රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසමේ නිර්දේශ එළැඹෙන ඔක්තෝබර් 30 දාට පෙර ඉදිරිපත් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දුන්නේය. ඒ හරහා ඉදිරි අය වැය යෝජනා සම්පාදනයේදී මගපෙන්වීමක් ලබාගත හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසම අද (27දා) පෙරවරුවේ ප්‍රථම වරට රැස් වූ අවස්ථාවේදී ජනපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නේය.
කොමිසමේ ඉදිරි කටයුතු පිළිබඳ සමාලෝචනයට ලක් කිරීම මෙහිදී සිදු කෙරුණු අතර සාමාජිකයින්ට පත්වීම් ලිපි ප්රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.
රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට කි‍්‍රයාත්මක චක්‍රලේඛ හා විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින්, රාජ්‍ය අංශයේ වැටුප් ආශි‍්‍රත යම් ගැටලු හෝ විෂමතා ඇත්නම් එම ගැටලු හෝ විෂමතා අවම කිරීම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 2018-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹී තීරණය පරිදි ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත්කරන ලදී.
සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් කොමිසමේ සභාපතිවරයා ලෙස එස්. රනුග්ගේ මහතා කටයුතු කරන අතර කේ.එල්.එල්. විජේරත්න, ටී.පී. කොල්ලුරේ, සී.පී. සිරිවර්ධන, සුධර්මා කරුණාරත්න, ජනක සුගතදාස, ධාරණී එස්. විජේතිලක, ලලිත් ආර්. ද සිල්වා, පී.එස්. එදිරිසිංහ, ඒ.ආර්. දේශපි‍්‍රය, බී.පී.පී.එස්. අබේගුණවර්ධන, වෛද්‍ය පාලිත අබේකෝන්, පී. තංගමයිල්, එස්.ඩී. ජයකොඩි, එම්.සී. වික්‍රමසේකර යන මහත්ම මහත්මීන් සෙසු සාමාජිකයෝ වෙති.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවයන් නිවැරදි කිරීම පිළිබඳ කාරණය ඉතා දිගුකාලීන ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විධිමත් ක්‍රමවේදයක් හරහා එම ගැටලුව විසඳීමට සුදුසු නිර්දේශයන් නව කොමිසම මගින් ඉදිරියේදී ලබාදීමට කටයුතු කරනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.