රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ වැටුප් කොමිසමක් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබි ඇත. මාස දෙකක් තුළ ඒ පිළිබඳව නිර්දේශ රජයට ඉදිරිපත් කිරීමට මෙම විශේෂ වැටුප් කොමිසම කටයුතු කළ යුතු වෙයි.