රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා ඉවත් කර ජාතික වැටුප් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරිම සඳහා වන කොමිෂම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කර තිබේ.
කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව මෙය ක්‍රියාත්මක වෙයි. ඊයේ (21දා) රාත්‍රියේ පත්කර ඇති මෙම කොමිසම සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත වෙයි.
හිටපු ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රනුග්ගේ මහතා ඒහි සභාපති ලෙස කටයුතු කරන අතර ලේකම් ලෙස එච්.ජී. සුමනසිංහ මහතා පත් කර තිබේ.
කොමිසම මගින් ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීම සිදුකිරිමට නියමිතය. පසුගිය 20 වන දා කොමිසමේ නිල කාලය ආරම්භ වන අතර මාස 2ක කාල සිමාවක් එය බලාත්මක වනු ඇති.