සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ජලභීතිකා තුරන් කිරීමේ වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව දින 07ක තුළ අවලංගු කළ යුතු බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එසේ නොමැති වුවහොත් මේ මස 26 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද එම සංගමයේ උපසභාපති ජගත් ජයසේකර මහතා සඳහන් කළේය.
තම දෙපාර්තමේන්තුව මෙම කටයුතු නිවැරදි ලෙස සිදු කරමින් තිබියදී කිසිදු හේතුවක් නොමැතිව ජලභීතිකා රෝග මර්දන වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.