පල්ලම සේරුකැලේ ප්රදේශයේදි වැවිලි කර්මාන්ත රාජ්ය ඇමති අරුන්දික ප්රනාන්දු මහතා ගමන් කරමින් තිබු ජීප් රථය (20 ) දින උදෑසන පෙරළි යාමෙන් ඇමතිවරයා ඇතුළු සිවු දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පල්ලම පොලිසිය පවසයි.
රාජ්ය ඇමතිවරයා 20 දින මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමග පිළිසදරක් වැඩසටහන පැවැත්වෙන කරුවලගස්වැව නෙළුම්ගම බලා ගමන් කරමින් සිටියදි බව පොලිසිය පවසයි.
රාජ්ය ඇමති වරයා 20 දින උදෑසන 7.40 ට පමණ මෙසේ අනතුරට ලක්වි ඇත්තේ ආණමඩුව හලාවත මාර්ගයේ සේරුකැලේ වංගුව ආසන්නයේදී බව කියයි.
අනතුරින් රාජ්ය ඇමතිවරයා ගමන් ගත් වාහනය වංගුවේ දී මාර්ගයෙන් ඉවතට පෙරළි යාමෙන් පසු සුඛෝපභෝගි ජීප් රථයට බරපතල හානි සිදුව ඇති අතර ඇමතිවරයා ඇතුලු ඇමති ආරක්ෂක හා රියදුරුගේ ජීවිත නුලෙන් බේරි ඇති බව කියයි.
අනතුරින් පසුව සුළු තුවාල ලබා සිටි රාජ්ය ඇමති වරයා වෙනත් වාහනයකින් ජනාධිපතිවරයාගේ ගම සමග පිළිසදරක් වැඩසටහනට ගොස් ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබු සෙසු පිරිස හලාවත රෝහලට ඇතුලත් කර ඇති බවද වාර්තාවෙයි .