මීගමුව කලපුව සංවර්ධන කිරීමේ ව්‍යාපෘතියට අදාල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙහි නිර්දේශය ලබා නොදීම හේතුවෙන් කලපු සංවර්ධනය අඩාලවී ඇති බවත් මේ හේතුවෙන් රුපියල් මිලියන 600 මුදලක් අපතේ යන තත්ත්වයකින් පවතින බවත් අද (30) පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණය විය.
ධීවරයින් 6000 ක පමණ පිරිසකට සහනයක් වන අන්දමින් කලපුව සංවර්ධනය කිරීම පිනිස වසර දෙකකට පෙර මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ නමුත් මීට අවශ්‍ය වන සංරක්ෂණ නිර්දේශය නොදීම ගැටළුවක්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී සදහන් කළ අතර මීට පිළිතුරු දෙමින් දිසා වන නිලධාරීනී දේවානී ජයතිලක මහත්මිය ප්‍රකාශ කොට සිටියේ කලපුවෙහි කඩොලාන පද්ධතියට දමා ඇති පස් ඉවත් කිරීමට පියවර ගන්නා තෙක් අවශ්‍ය නිර්දේශය ලබාදීමට නොහැකි බවය.
කලපු ව්‍යාපෘතිය වන අපරාධකරුවෙකුව සිටින බැවින් තමන් මෙම නිර්දේශය ලබා නොදෙන බව වන නිලධාරිනිය ප්‍රකාශ කළ අතර මීට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර සිටියේ කඩොලාන පද්ධතියට පස් දැමීම වෙනත් කරුණක් බවත් මීගමු කලපුවෙහි පවතින අප ද්‍රව්‍ය ඉවත් කොට සංවර්ධනය කිරීම වෙනත් සංවර්ධන කටයුත්තක් බවත්ය.
කලපුව පවිත්‍ර කර දෙන ලෙසට ධීවර කාර්මිකයින් විසින් කර ඇති ඉල්ලීමක් අනුව කලපුව සංවර්ධනය කිරීමට යන බැවින් ප්‍රශ්ණ පටලවා නොගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය මෙහිදී කියා සිටියාය.
ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා මෙම ප්‍රශ්ණය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, රජයේ ව්‍යාපෘතියක් නම් එය වන අපරාධකරුවකු වන්නේ කෙසේදැයි විමසීය.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා
අපි මේ කතා කරන්නේ අධිකරණයේ තිබෙන එක නෙමෙයි. කලපුවේ සංවර්ධනය ගැන. රොන් මඩ ඉවත් කිරීම ගැන, පොලිතීන් ඉවත් කිරීම ගැන. ඔබතුමිය වලිගේ පාගෙගෙන කථා කරනවා.
දේවානි ජයතිලක මහත්මිය
මෙතන මට තියෙන ගැටලුව නිලධාරියෙක් හැටියට වන අපරාධකරුවෙකුට නිර්දේශ දෙන්න බෑ.
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා
අපි ආණ්ඩුවක් ලෙස මේ හදන්නේ පරිසරය සුද්ද පවිත්‍ර කරලා තියා ගන්න.
දේවානි ජයතිලක මහත්මිය
ඔබතුමන්ලා අපිට සහයෝගය දෙන්න අපිට පස් ටික ඉවත් කරන්න. හැමොම මට පෙෂර් කරන එක වැරදියි. අදාළ වැරදිකරුවන්ට පෙෂර් කරන්න. ඒ අයට කියන්න පස් ඉවත් කරන්න කියලා. ඒ අය අවුරුදු දෙකක් තිස්සේ පස් ඉවත් කළා නම් දැන් ඔය වැටසටහන කරලා. පස් ඉවත් නොකිරීම නිසා කඩොලාන පද්ධතියට වූ හානිය පූරණය කරන්නේ කවුද? එතනත් බිලියන ට්‍රිලියන නෙවෙයි ඊට වඩා හානියක් වී තිබෙනවා. ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මේවායින් විශාල වශයෙන් ඔක්සිජන් ලබාදෙනවා. එතරම් විනාශයක් තිබියදී වැරදිකරුවන් නිදහස් කරමින් අපිට චෝදනා කිරීම කොච්චර වැරදිද?
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා
අපිටත් මේ ගැන තේරෙනවා. ඔක්සිජන් ගැන අපිත් දන්නවා.
නිමල් ලාන්සා මහතා
අපි ඉතාමත්ම පැහැදිලිව කිව්වා මෙතන සිද්ධි දෙකක්. එක සිද්ධියක් අධිකරණයට ගිහිල්ලා තියෙනවා. ඒකට අපි අඟිලි ගහන්නේ නෑ. ඒ නිසා මම වැදලා ඉල්ලන්නේ අපේ ධීවර පවුල් 3000/4000කට ධීවර රැකියාව කරලා කීයකවත් හොය ගන්න බැරිව ඉන්නේ. මොකද මේ කලපුව විනාශ වෙලා. අපිත් වන සම්පත් ආරක්ෂා කරන්න තමයි කථා කරන්නේ. මගෙ අමාත්‍යාංශය ගත්තොත් ලක්ෂ 5ක් පැල හිටවලා තියෙනවා.
ගම්පහ තිලකරත්න දිසානායක