ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා කැබිනට් අමාත්‍යවරුන් යටතේ ඇති ඇතැම් කාර්යය භාරයන් සහ කර්තව්‍යයන් මෙන්ම අදාල ආයතන වෙන් කිරීම මේ සතියේ සිදුවනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරුන් බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් පසුවන බව අද පුවත්පතට වාර්තා වේ.
අමාත්‍ය මණ්ඩලය පත්කිරීමෙන් අනතුරුව කැබිනට් අමාත්‍යවරුන් සඳහා වන අමාත්‍යංශ කාර්යයන් භාරයන් සහ කර්තව්‍යයන් මෙන්ම ඒවා ක්‍රියාත්මක කරන ආයතන සඳහන් ගැසට් පත්‍රය පසුගියදා නිකුත් කෙරුණි.
කැබිනට් අමාත්‍යවරුන් සතු කාර්යයන්ගෙන් කොටසක් රාජ්‍ය අමාත්‍යවරුන්ට බෙදා දීමේ කාර්යය එම කැබිනට් අමාත්යවරුන්ටම පැවරෙන අතර එම කටයුත්ත මේ සතියේ සිදු වනු ඇති බවට රාජ්‍ය අමාත්‍යවරුන් විශ්වාසය පළ කර තිබේ.
වර්තමාන කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් පහළොස් දෙනෙකුගෙන් සමන්විත අතර, ඒ හේතුවෙන් ඔවුන් සඳහා කාර්යය භාරයන් සහ ආයතන රැසක් වෙන්කර තිබේ.
රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාව කැබිනට් ඇමතිවරු විසින් සකසා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව රාජ්‍ය අමාත්‍යවරු පත්කළ උත්සවයේදී ජනාධිපතිවරයාද ප්‍රකාශ කර සිටියේය.
රාජ්‍ය අමාත්‍යවරුන් හට අමාත්‍යාංශය මගින් විෂයපථ මේ සතියේදී ලබාදීමට බලාපොරොත්තු වන බව අවසන්වරට පැවැති කැබිනට් රැස්වීමේදීද සකච්ඡා වී තිබේ.