පොලීසිය විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිටින ස්ථානය කඩිනමින් සොයාගත යුතු බවත්, ජනතාව පීඩාවට පත් කරනු ලැබුවේ නම් ඔහු දඬුවම් විඳිය යුතු බවත් දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා සඳහන් කළේය.
ලොකු කතා කී රාජිත සේනාරත්න මහතා තිස් වන දින තෙක් සැඟවී සිටීමට අවශ්‍ය නොවන බවත්, ඊයේ වව්නියාවේදී තුවක්කුවක් සොරකම් කළ පුද්ගලයෙකු පැය දෙකක් තුළ අත්අඩංගුවට ගත් ආකාරයට රාජිත සේනාරත්න සිටින තැනත් කඩිනමින් සොයාගත යුතු බවත් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මීට අමතරව මහ බැංකු වංචා ක්‍රියා පිළිබඳව හා 2015 වසරට පෙර සිදුවූ දේවල් පවා සොයාගත යුතු බවද අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ආණ්ඩුව පත් වී ගතව තිබෙන්නේ මාසයක කාලයක් පමණක් බවත්, එය මාසයකින් සියල්ල කිරීමට විශ්ව කර්මයෙකු නොවන බවත් ඔහු පවසා සිටියේය.